Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

ඊයේ (06) දින Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කළ පුද්ගලයින් අවම වශයෙන් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ග්‍රීක බලධාරීන් පැවසීය.

“අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇත,” වෙරළාරක්ෂක ප්‍රකාශිකාවක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

දරුණු කුණාටුවක් අතරතුර යාත්‍රාවේ පාලනය අහිමි වූ බවත්, එහි සිටි අයට ජලය, ආහාර හෝ නිසි නවාතැන් පහසුකම් නොමැතිව විවෘත මුහුදේ අතරමං වූ බවත් දිවි ගලවා ගත් අය ගලවා ගැනීමේ සේවකයින්ට පැවසූහ.

දේශීය වාර්තාවලට අනුව, බෝට්ටුව සොයා ගන්නා විට සංක්‍රමණිකයන් දිනකට වැඩි කාලයක් තුළ මිය ගොස් සිටි බව වෙරළාරක්ෂක බලකාය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...