කළුතර යුවලක් කෝටි 25ක “කුෂ්” සමඟ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

ගුවන් මගීන් දෙදෙනෙකු විසින් රු. විසි පන් කෝටි අසූ නව ලක්ෂ අසූ හතර දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මොවුන් දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 30 හැවිරිදි වියේ පසුවන විවාහක යුවලක් වන අතර, ඔවුන් ඊයේ (06) දින දහවල් 12.00 ට මාළදිවයින මාළේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුන බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ , ඔවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 යි ග්‍රෑම් 582 ක ප්‍රමාණය ඇසුරුම් 24 ක් තිබී සිය භාරයට ගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මීට පෙර තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු මොවුන්ට ලබා දුන් බවට මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත තොරතුරු වාර්තා වන බව පැවසේ.

හෙට (08) දින මෙම සක කරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...