සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම වෙනුවට මාස පහක් ඇතුලත නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.
දින දහයක් ඇතුලත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර, දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කරන්නැයි ද දැනුම් දී තිබේ.
හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර , ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිතය. නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර , අද (9) සිට මෙම සියලු කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
ජනාධිපති කාර්යාලය පවසන්නේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත අදාල දැනුම් දීම කළ බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
