*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂ නායක හඬ නගයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මේ වන විටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්විමට නියමිත මැතිවරණත් කල් දැමීම සඳහා අවශ්‍ය කරන කූඨ උපක්‍රම සහ පිඹුරුපත් සකසමින් සිටින බව නොරහසක් බවත් , ඊට ආණ්ඩුව සූදානම් වන්නේ “මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නැමැති” අයිසින් තැවරූ කේක් කැබැල්ල දිගු කරමින් වුවද, එය විෂ තැවරූ කේක් කැබැල්ලක් බවත් ඒවාට මේ රටේ ජනතාව නොරැවටෙන බවත් ආණ්ඩුවට අවධාරණය කරන බව සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයෙන් දක්වා ඇත.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කරන වර්තමාන ආණ්ඩුව එහි තීරණාත්මක ආරම්භය සනිටුහන් කළේ පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය අනීතික ලෙස කල් දමමිනන් බවත්, ජන වරමක් නැති පාලකයන්ට ජනතාවගේ ආශිර්වාදය කෙලෙසකවත් හිමි නොවන බවද ප්‍රේමදාස මහතා කියා සිටී.

එහෙත්, අවස්ථාවාදී ලෙස බලය ඩැහැ ගත් පාලකයන් ජනවරම හෝ ජනතා කැමැත්ත පිළිබඳව මායිම් නොකොට විවිධ දේශපාලන උපාය උපක්‍රම භාවිතා කරමින් සිය පාලන කටයුතු කරගෙන යෑමට දරන උත්සාහයේ අවසානය ඛේදවාචකයක් බව මුළු ලෝකයෙන්ම අත්දැකිය හැකි සත්‍යයක් බවද පවසයි.

එමෙන්ම මෙරට ද මැතිවරණ කල් දැමීමෙන් සිදුව ඇති ඛේදවාචකයන් පිළිබඳව ඕනෑතරම් උදාහරණ ලබාගත හැකි අතර වර්තමාන ආණ්ඩුව සූදානම් වන්නේ නැවතත් අන්ධකාර අතීතයකට මේ රට රැගෙන යාමටදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කරයි.

ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කර ගනිමින් එල්ල කරන බරපතළ ප්‍රහාරයක් බවත්, “මැතිවරණය කල් දමන්නේ නෑ, කල් දමන්න මැතිවරණයක් නැහැ”යනුවෙන් ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුළම උපහාසයෙන්, අපහාසයෙන් සහ නින්දා සහගත ලෙස සුනු විසුනු කළ ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවකින් මැතිවරණයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමනක් බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

ඒ දුර්දාන්ත ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම් බව ආණ්ඩුවට අවධාරණය කරන අතර, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනත පරමාධිපත්‍යය මර්දනය කිරීමට ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ජනතා බලය මගින් ඒකාන්ත ම පරාජය කරන බවද අපි ආණ්ඩුවට අවධාරණය කරනා බව එම නිවේදනයෙන් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී.

විපක්ෂනායකවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan