කොළඹ LNW:විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.
මැතිවරණ කොමිසම ද අදාළ පත්කිරීම සඳහා සිය අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව අද (10) දින සිට වසරක කාලයක් එනම් 2025.10.09 වැනිදා දක්වා අදාළ කොන්ත්‍රාත් කාලය ක්‍රියාත්මක බව සඳහන්.
පසුගිය කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩු දුන් අති සංවේදී සිදුවීම් රැසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන භාරව කටයුතු කළේ ශානි අබේසේකර මහතාය.
ඔහුගේ සේවා කාලය අතර තුර 2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින් 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එවකට වැඩ තහනම්ව සිටි ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව ඔහුට මාස 10යි දින 08ක් බන්ධනාගාර ගතව සිටීමට ද සිදුවිය.
කෙසේවෙතත් ආන්දෝලනාත්මක විමර්ශන සිදුකරමින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවිතාරක්ෂාව පවා අනතුරක පැවති පසුබිමක සියලු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ක්‍රියා කළ නිලධාරියෙක් ලෙස ඔහු ජනතාව අතර ප්‍රසාදය දිනාගත්තෙකි.
මෙම තත්ත්වය මත ශානි අබේසේකර මහතාගේ මෙම පත්වීම පසුගිය කාලය තුළ නොවිසදුණු අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීම ගැන සුභවාදී ප්‍රවේශයක් ලෙසද දැකිය හැකිය.
ආශිකා බ්‍රාහ්මණ
