*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

බයිඩන් ඊශ්‍රායලයට සහය දෙන බව කියද්දී චීනය සහ රුසියාව සටන් විරාමයක් යෝජනා කරයි!

කොළඹ LNW:ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ඇති වු ගැටුම්වලදී ඇමරිකාව ඊශ්‍රායලයට සහය දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඒ අනුව ඇමෙරිකාව සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන යූ එස් එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව මේ වනවිට ඊශ්‍රායලය දෙසට ගමන් කරවීමට කටයුතු යොදා තිබේ.

මෙම ගැටුම් හේතුවෙන් ලෝක තෙල් මිලේ ද ඉහළ යාමක් පෙන්නුම්කර ඇති අතර ඊට හේතුව එම කලාපය තෙල් බහුලව නිපදවන කලාපයක්වීමයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ගැටුම් ආරම්භ වන විට ඇමෙරිකා සෙනෙට් සභික කෝරි බුකර්ද නවාතැන් ගෙන සිට ඇත්තේ ඊශ්‍රායලයේය. කෙසේවෙතත් ඔහු ආරක්ෂිතව ඇමෙරිකාවට පැමිණ ඇත.

මේ අතර ඉදිරි සටන් සදහා ඊශ්‍රායල හමුදා 110,000ක පිරිසක් දකුණු ඊශ්‍රායලයට යොමුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ඇමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සහය පළකර ඇත.කෙසේ වෙතත් ඉරානය පවසන්නේ තමන් පලස්තීනුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන බවයි. ලෙබනනය ද ඊශ්‍රායලයට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර චීනය අවධාරණය කරන්නේ ගැටුම් නවත්වා දෙපාර්ශ්වයම සාමය ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතු බවයි. රුසියාව ද අවධාරණය කර ඇත්තේ දිගුකාලීන සාමයක් සදහා සටන් විරාමයකට යාම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

එමෙන්ම ගැටුම් හමුවේ ආසියා කලාපයේ ගුවන් සේවා සියල්ල ඊශ්‍රායල පලස්තීන කලාපයට සිදුකරන මෙහෙයුම් නවතා දමා තිබේ.

ගැටුම් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වූ නමුත් ගැටුම් නිරාකරණය ගැන ඒකමතික තීරණයක් නොමැතිව එම සාකච්ජා අවසන් වී ඇති බවයි දැක්වෙන්නේ. එහිදී හමාස් සංවිධානය දැඩිව හෙළා දැකිය යුතු බවට ආධාරණය වී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan