*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

” Shi Yan 6″ නෞකාවට නොවැම්බර් වල එන්න අවසර !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නොවැම්බර් මාසය තුළ දී චීනයේ “Shi Yan 6” නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

Shi Yan 6 නෞකාව මෙරටට පැමිණීම සම්භන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

ඔවුන් අපෙන් අවසරය ඉල්ලුවා ඔක්තෝබර් මාසයේ දී එන්න. අපි කියලා තියෙන්නේ ඔවුන්ට නොවැම්බර් මාසයේ එන්න කියලා. ඊට පස්සේ ඔවුන් නැවත ඉල්ලලා තියෙනවා ඔක්තෝබර් අවසානයේ එන්න. නමුත් අපි මුල් ස්ථාවරයේම තමා ඉන්නේ.”

තවද චීනය අපට ඉතා වැදගත් රටක් බවත්, අප රට සමඟ විශාල සබඳතා රැසක් තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

“චීනය ඉතාමත්ම වැදගත්. චීනය සමග ඉතාමත්ම වැදගත් සම්බන්ධතා රාශියක් තියෙනවා. නමුත් ඒහා සමානවම අපේ රටේ කරගන්න තියෙන දේවලුත් තියෙනවා. ඒ සියල්ල එක්ක අපි කියලා තියෙනවා එන්න ඕන කාලය. මේක ඉතා සරල කවුරු හරි ඇවිත් යන ගමනක් නෙමෙයි. ඒ කාලය තුළ සම්පූර්ණයෙන්ම මේ සඳහා මුහුණදීමට ලෑස්තිවෙලා ඉන්න ඕනේ. අපි සියලු සම්පත් ඒ සඳහා යෙදීමට හැකියාව තියෙනවා. අභ්‍යන්තර කරුණු බලලා තමා අපි දිනයක් දීලා තියෙන්නේ. නිදහස් රටක් හැටියට අපිට කියන්න පුළුවන් මොන කාලයේ දීද එන්න පුළුවන්ද ? බැරිද කියලා. එකඟවෙලා තමා ඒ කාර්ය කරන්න ඕනේ.”

ටීවි දෙරණ ඔස්සේ ඊයේ (09) රාත්‍රියේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan