*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

සාධාරණය ඉල්ලා සතර දෙසින් වෛද්‍යවරු හෙට කොළඹට!

කොළඹ LNW:වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් හෙට (11) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

රෝගී සත්කාරක සේවාවලට බාධා නොවන අයුරින් එය පවත්වාගෙන යන අතරතුර එම විරෝධය පැවැත්වෙන අතර කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් පෙරවරු 11.30ට එම විරෝධය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

වෛද්‍යවරුන්ගේ ගැටළු සම්බන්ධයෙන් රජය තවදුරටත් ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කිරීම මෙවැනි විරෝධයක් සංවිධානය කිරීමට හේතු වූ බවයි අලුත්ගේ මහතා කියාසිටියේ.

ඒ අනුව විරෝධතාව කෙළවර තැනක් සම්බන්ධයෙන් තීරණයක් නොමැති බවද ඔහු කියාසිටියේය.

වසර 08කින් ඉන්ධන දීමනාව යාවත්කාලීන කර නොමැති අතර සීමාවාසික වෛද්‍යවරුන්ගේ දීමනාව ද වැඩිකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

ඒඅනුව වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් හෙට පළමු වෙඩි මුරය තැබීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සුදානමින් පසුවෙයි.

ASK


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan