*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කළුතර මහාධිකරණය තිදෙනෙකුට මරණ දඬුවම නියම කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසර 32 ක ඉතා දිගු නඩු විභාගයකින් පසු, කළුතර මහාධිකරණය විසින් පුද්ගල ඝාතනයකට චෝදනා එල්ලවූ තිදෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත.

ඒ මීගමවත්ත ජනපදය ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකු 1992 වර්ෂයේදී නවුන්තුදුව ප්‍රදේශයේදී පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා සම්භන්ධව ගොනු වූ නඩුවයි.

අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා එම සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

මෙලෙස අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත්තේ, අදාළ නඩුවේ 3, 4 සහ 5වන විත්තිකරුවන්ට වන අතර, එම ඝාතන සිද්ධියේ පළමු විත්තිකරුට බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇති අතර 2 වන සැකකරු මේ වනවිට මියගොස් ඇති බව තොරතු වාර්තා වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan