සටහන – රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය (LNW) :2019 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද ලක්‍ෂ පහකට අඩු ප්‍රමාණයක් ගෙන පාර්ලිමේන්තුවේ ආසන දෙකක් සහ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරා සිටි ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය වසර පහක් ගෙවී යන මොහොතේ ඡන්ද ලක්ෂ 57ක ප්‍රමාණයක් ලබා ගැනීම දකුණු ආසියාවේ විප්ලවකාරීම ප්‍රවෘත්තිය බවට පත් වුවාට සැකයක් නැත. ඉවසීම, කැපවීම සහ පරිත්‍යාගය මේ සුවිශේෂ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන කරුණු තුන විය.
1970 සමයේ ගාල්ලේ අක්මීමන සහ ගම්පහ එඬේරමුල්ලලේ ආරම්භ කල කුඩා ගොවිපොළ සoකල්පයෙන් ඇරැඹූ ජනතා විමුක්ති පෙරමුණ දශක දෙකක් තුළ සිදුකළ කැරලි දෙකකින් පසු සිය සාමාජිකයින්ගේ ලේ කඳුළු මතින් ගොඩනැගුණු බත්තරමුල්ලේ ගොඩනැගුණු මහල් ප්‍රසාදය ඔවුන්ගේ වංශකථාව සදාකාලිකව තැන්පත්ව ඇති ඓතිහාසික කෞතුකාගාරය විය. එඬේරමුල්ල ප්‍රදේශයට අයත් ගොන්ගි තොට නිවාස ක්‍රමයේ දෙවැනි ලෝක සංග්‍රාමය පැවති සමයේ වෙඩි බෙහෙත් ගබඩාවක් ලෙස පාවිච්චි කරන ලද ඒ වනවිට අතහැර දැමු අක්කර භාගයක පමණ භූමි ප්‍රදේශය ජනතා විමුක්තික පෙරමුණේ ගොවිපළ සංකල්පය ක්‍රියාත්මක විය.
එම ප්‍රදේශයට වරින් වර පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර තවත් තරුණයින් පිරිසක් සමග කිසිවෙකුටත් සැකයක් ඇති නොවන පරිදි කුඩා ගොවිපලක් ආරම්භ කළේය. දිවා කාලයේ ගොවිපළේ වැඩ කරන තරුණ පිරිස ජනතා විමුක්ති පෙරමුණේ මූලික පංති 5 හැදෑරුවේ රාත්‍රී කාලයේය. භූමිතෙල් ලාම්පු හැරෙන්නට විදුලි බල්බ තහනම් විය. බලය ලබාගන්නේ කෙසේද තරුණ පිරිසට ආකර්ශනීය පෙරවදනක් ලබා දුන්නේ විජේවීරය. විප්ලවයකින් හැර බලය ලබා ගැනීමේ අන් මගක් නැති බව විජේවීර තරුණයින්ට කීවේය. එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයින් ලෙස කැපී පෙනුණේ ඇලඩින්, මදනායක, විපුලගුණ, මිල්ටන්, ලොකු අතුල, ටී.ඩී.සිල්වා, අලිජෙම්ස් යන පිරිසයි.මේ පිරිස එම ප්‍රදේශයේ නායකයන් විය.
ගොවිපළ පවත්වාගෙන ගියේ තම ව්‍යාපාරය පිළිබඳව කිසිවෙකුටත් සැකයක් ඇති නොවන ලෙසය.ගොවිපොළේ වගා කළ මෑ කරල්, වම්බටු, බණ්ඩක්කා, පතෝල, කරවිල වැනි එළවළු වර්ග සරුවට වැඩුණු අතර ඒවා ප්‍රදේශවාසීන්ට අලෙවි කිරීමද සිදු විය. දන්නා හඳුනන අය (විශ්වාසවන්තම) ව්‍යාපාරයට කැඳවාගෙන එන ලෙස ලැබුණු උපදෙස් අනුව තරුණයින් විශාල පිරිසකගේ තව්තිසාව එහි තිබෙන බව දැන්වූහ. විප්ලවයට අවශ්‍ය පිරිස් බඳවා ගැනීම ජවිපෙ භාෂාවෙන් කියනවානම් කොක්ක ගැසීමය.
එදා හඳුන්වා දුන් මේ වචනය මේ තරම් ප්‍රායෝගික ලෙස අද දක්වාම ජාතික ජන බලවේගව්‍යාපාරය තුල දක්නට ලැබුණි.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකට වචනය වූ කොක්ක ගැසීම මනා ඉවසීමකින් කළ යුතු කාර්යයක් වේ. වසර පනහක් ඉක්මගොස් තිබුනද තිබියදී වුවද කොක්ක ගැසීම අදටත් එලෙසමය. 1971 සහ 88 යන කාලවල සිදු කළ අසාර්ථක කැරලි දෙකකින් පසු තරුණයින් දහස් ගණනකගේ ජීවිත අකාලයේ මේ ව්‍යාපාරය වෙනුවෙන් පූජා කිරීමට සිදුවූහ.එම කැරලි වලින් හෙම්බත්ව සැඟවී සිටි තරුණ පිරිස් ජනතා විමුක්ති පෙරමුණ ඉතා අමාරුවෙන් රැක ගත්හ. සමහර දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ අතහැර ගිය අතර සමහර දෙනෙක් ප්‍ජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ජනතා විමුක්ති පෙරමුණ නමැති කුරුසය කරගසාගෙන අති දුෂ්කර ගමනක් තරණය කළහ.සමහර දෙනෙක් සැගවී ජීවිතය බේරා ගත්හ.සෝමවoෂ අමරසිංහ , ලයනල් බෝපගේ ,ඒ අතර වෙති . 71 කැරැල්ලේ සිටි මහින්ද විජේසේකර , ලොකු අතුල , ඇතුළු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ක්‍රියාකාරී දේශපාලනයට ඇතුළු වූහ.සුනන්ද දේශප්‍රිය, වික්ටර් අයිවන් ලෝකාවේ ප්‍රසිද්ද ජනමාද්‍ය වේ දීන් බවට පත් වූ හ .1988 කැරැල්ලට සහභාගී වූ පිරිස අතරින් ජිවිතය බේරා ගත් එහි නායකයන් වූයේ ටිල්වීන් සිල්වා ප්‍රමුඛ අනුර කුමාර වැනි පිරිස් ය.ඔවුන් ඔවුන්ගේ කූටප්‍රාප්තියට පැමිණීමට පෙර වසර විසි හතරක් පුරා ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කෑ මොර දුන්හ.එහි අවසාන අග්‍රඵලය ආචාර්ය හරිනි ය .
ආචාර්ය හරිනි ගැන ඔවුන් දැන සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ ක්‍රියාකාරීත්වය තුළිනි.එහි ඇය කඩිසරය සාමාජිකාවක් වූවාය. එනිසාම ජවිපෙ ක්‍රියාකාරයින්ගේ උකුසු ඇස් ඇයට යොමු වී තිබුණි. ඇයට කොක්ක ගැසිය යුතුයැයි තීරණය කළේ ජාතික ජන බලවේගයේ විධායක සභිකයන්ය. ඔවුන් හොඳ ආරම්භයක් තම මැතිවරණ ව්‍යාපාරයට දුන්හ.
ප්‍රථම රැස්වීම කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වුණි. ගාලු මුවදොර පිටියේ පිරී ඉතිරී යන තරම් ධාරානිපාත ජනකායක් ඊට සහභාගි වූ අතර බොහෝ දෙනා සිතුවේ ජනතා විමුක්ති පෙරමුණ සැලකිය යුතු ආසන ප්‍රමාණයක් ලබාගනු ඇති බවය. එහෙත් කවුරුත් නොසිතූ පරිද්දෙන් සියයට තුනේ ප්‍රතිශතයක් සහිත බලාපොරොත්තු රහිත පරාජයකට මුහුණ දීමට සිදු විය.එයින් අධෛර්යයට පත්නොවී ඉවසීමෙන් යුක්තව ජාතික ජන බලවේගය පිහිටුවා මැතිවරණ කොමිසම් සභාවේ ලියාපදිංචි කර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිරිවිය යුත්තේ කාගෙන් දැයි සාකච්ඡා කළහ.
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පිළිබඳ තොරතුරු අනුව ඇයට ආරාධනා කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ට පැවරුණි.ඔහු ඇය හමුවී එම ආරාධනය පිළිගැන්වූහ. ඇය එක් වරම කාරුණික ලෙස ප්‍රතික්‍ෂේප කළාය. එසේ ප්‍රතික්‍ෂේප කලද ඇය නිවසට ගොස් මේ පිළිබඳව තනිවම සාකච්ඡා කළාය. සිතට මහා වධයක් ගෙන දුන්නත් ඇයගේ යටි සිත කියා සිටියේ මන්ත්‍රී ධූරයකින් කළ හැකි වැඩ කොටස් ප්‍රමාණය බහුල යැයි කියාය. කෙසේ හෝ තම නිවසෙහි අයගේ අවසරය පැතූ කල්හි ඇයගේ සොයුරිය විරුද්ධ වූවාය. අවසානයේදී මන්ත්‍රී ධූරය භාර ගැනීමට ඇය තනිවම තීරණය කොට ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාට දැනුම් දුන්නාය.
මෙහිදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් වූ සුනිල් හඳුන්නෙත්ති, ලාල්කාන්ත සහ බිමල් රත්නායක, ලක්ෂ්මන් නිපුණ ආරච්චි , සමන්ත විද්‍යාරත්න වැනි සාමාජිකයින් රැසක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සුදුසුකම් ලබා සිටියහ.
එහෙත් ඔවුන් සියලු දෙනාම තම ව්‍යාපාරයේ අභිවෘද්ධිය තකා එම මන්ත්‍රී ධූරය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට පිරිනැමීම ගැන අවන්කවම සතුටු වූහ. අද එහි කටයුතු සියල්ලේම ගොඩය. ජාතික ජන බලවේගය බොහෝ ඈත බලාපොරොත්තු දාර්ශනික පියවර ආචාර්ය හරිනිය. ජාතික ජනන බලවේගයේ ශුද්ධ ලාභය ආචාර්ය හරිනිය. අමරසූරිය පෙළපතේ ආචාර්ය හරිනි දකුණු සිරිලක අභිමානවත් පවුල් පසුබිමකින් යුත් මිනිබිරියක් වූවාය.
ඇය සිය ද්විතීය අධ්‍යාපනයට මුල පුරන්නේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන්ය.ඇයට ලෝකයේ දෙවෙනි ජනගහණය වසන බලසම්පන්න රාජ්‍යයක් වූ ඉන්දියාව ගැන නේරුලා සහ මහත්මා ගාන්ධි ගැන හොඳ අවබෝධයක් සහිත කාන්තාවක් වූවාය.
ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයට සැරසුණේ දැනට වසර දෙක තුනකට තරම් ඉහත කාල පරිච්ඡේදයක් තුළය. බොහෝ දෙනා කීවේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ රැල්ලක් නිර්මාණය වී ඇති බවය. ආචාර්ය හරිනි මාන බලමින් උන්නේ ඇය කොක්ක එල්ලන්නේ කවර පාර්ශ්වයකට ද යන්නය. ජනාධිපතිවරණයට මාස තුන හතරක් තබා ඇය මාතර උයන්වත්ත කීඩා පිට්ටනියේ ඓතිහාසික රැස්වීමක් සංවිධානය කළාය. එහි තේමාව වී තිබුනේ “ගැහැනු අපි එක මිටට” යන්නය.
දේශපාලන වේදිකාව නිර්මාණශීලී කරන්නට ජවිපෙ තරම් සමතෙක් දේශපාලන භූමියේ පහළ වී නොමැත. ඔවුන් ඒ බව ඔප්පු කලේ දෙදහස් පහ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ වේදිකාව තුළය. එහිදී ඔවුන් හඳුන්වා දුන් තේමා පාඨය වූයේ “රට පෙරට” ය. එය ඡන්ද දායකයින්ගේ බොක්කටම වැදුණි. ඊළඟට මැතිවරණ ප්‍රකාශය “මහින්ද චින්තනය” නම් විය. වැඩේ නැගලම ගියේය. ඔවුන් මහින්දගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහට එරෙහිව වචන දෙකකින් යුත් පෝස්ටරයක් නිර්මාණය කළේය. “ රනිල්ට බෑ” යනුවෙන් වූ එම පෝස්ටරය එක රැයක් තුළ දිවයිනේ සෑම තැනකම ප්‍රදර්ශනය විය.
ඒ හා සමාන නිර්මාණශීලී තේමා පාඨයක් මෙවරත් දක්නට ලැබුණි, “රට අනුරට” යන්න එම තේමා පාඨය විය.එවැනිම නිර්මාණශීලි තේමා පාඨය වූයේ “ගැහැනු අපි එක මිටට” යන්නය. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තබා ජනගහනයෙන් සියයට පනස් දෙකක් තරම් වූ ජනතා ජනගහනයෙන් හතරෙන් තුනක් පමණ ජාතික ජන බලවේගයට සම්බන්ධ කරවීමට ඇය සමත් වූවාය. ජාතික ජන බලවේගය තම පක්ෂයේ අභිවෘද්ධිය තකා තමන් ඉදිරියට පැමිණි වාසනාව අහක බලාගෙන ආශිර්වාදය කර ගත් ජාතියේ මිනිසුන් සිටින පක්ෂයක් ඔප්පු කර ඇත. ජනාධිපතිවරණය ජයගැනීමත් සමඟ විජිත හේරත් අගමැතිකම ඉසිලීමට තරම් පක්ෂය තුළ කට්ට කෑ සාමාජිකයකු විය. එහෙත් අගමැතිකම ආචාර්ය හරිනීට ලබා දීමේ දී ඔහුගේ පන්නරය විචිත්‍රවත් එකක් විය.
මා මුලින් සඳහන් කළ ඉවසීම, කැපවීම , පරිත්‍යාගය යන අංශයන් දරාගෙන සිටීම වෙනුවට අද ඔවුන්ට රට කරවන දේශපාලන බලය හිමිව තිබේ. ඔවුන් මේ සඳහා කවර ආකාරයේ දේශපාලන කටයුතු සිදු කළේද යන්න ආවර්ජනය කළ යුතුය. ඔවුන්ගේ ලෝකය තනන්නට හැටදහසක් තරුණ තරුණියන් ටයර් සෑයන් මත තම ජීවිතය පුද කළහ. අමාරුවෙන් ලබාගත් බලය කිසිවෙකුට හෝ දීමට සිතන තරම් ලෙහෙසි නොවේ. ඔවුන් ජනතාවගේ නාඩි වැටෙන කතා හඳුනාගෙන තිබීම නිසාය.ලක්ෂ තුනක ඡන්ද ප්‍රමාණයක් පනස් හත් ලක්ෂයක් දක්වාම ඔසවා තැබීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. අවලාද, මඩ සහ අසත්‍යය, අභූත චෝදනා මධ්‍යයේ තඹුත්තේගමින් කොළඹ ආ ගමේ කොලුවා රදල පවුල් පවුරු පදනම් පුපුරවා ජනතාවගේ නායකයා බවට පත්වී ඇත.
ජාතික ජන බලවේගයේ සිදුකළ ඉතා ආකර්ශනීයම ආයෝජනය වන්නේ ආචාර්ය හරිනි අමරසූරියට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමීමය. මෑත කාලයේ අගමැති ධූරයකට පත් කරන ලද පුද්ගලයන් අතුරින් ඉතාම වැදගත්ම පත් කිරීම ආචාර්ය හරිනි බවට කිසිදු සැකයක් නැත. මෙම තනතුරට පත්වීමෙන් පත්වීමෙන් දින දෙක තුනකට පසු පැමිණි ලෝක ළමා දිනය සිහිපත් කිරීමේ උත්සවයේදී කෙලින්ම පැමිණියේ කුඩා ළමුන් බැලීමට රිජ්වේ ළමා රෝහලටය.එය අගමැතිවරයෙකුගේ හෘදයාංගමය ගමනක් විය. එවැනි ජන නායකයින් ලෝකයට තවත් අවශ්‍යව ඇත ජාතික ජන බලවේගය පළමු වටයෙන්ම ලෝකයට ලබාදුන් හොඳම පණිවිඩය එය විය.