ආසනික් විෂ සහිත සැමන් තොගයක් ප්‍රති අපනයනය කිරීමට පියවර!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් මෙම විෂ සහිත සැමන් තොගය හමුවී ඇත. එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු බව පැවසේ.

මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද දින එම ගබඩා සංකීර්ණයට පැමිණි අතර, අදාළ සැමන් තොගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලේකම්වරයා පවසා සිටියේ එම විෂ සහිත සැමන් තොගය ශ්‍රී ලංකාවේදී විනාශ කිරීමට ඉඩ නොතබා එය නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...