අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවසාරා අනෝජන් වෙනුවෙන් අභියාචනයක් අද (11) සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වර් මහතාගේ සහ ශ්‍රී ලාංකික නීතීඥ කණ්ඩායමක මැදිහත්වීමෙන් සෞදි නීතීඥයින් පිරිසකගේ ද සහාය ඇතිව අනෝජන්ගේ මරණ දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනය ගොනුකර ඇති බව සඳහන්.

අනෝජන් වෙනුවෙන් මැදිහත් වූ ශ්‍රී ලාංකික නීතීඥ කණ්ඩායමට අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, ජාතික ජන බලවේගයේ විධායක සභික ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම සහ නීතීඥ හෆීල් ෆාරිස් ඇතුළත් වූහ.

එමෙන්ම මෙම කණ්ඩායමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාර්, සෞදි අරාබියේ ජිද්දා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මොහොමඩ් ලාෆීර් සහ සිල්මි රියාස්ඩීන් යන අය ද සහභාගී වී ඇත.

සිවරාසා අනෝජන්ට සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තැබූ කමෙන්ටුවක් ඔස්සේ මොහොමද් නබිතුමාට අපහාස කිරීමේ චෝදනාවකට ය.

මෙම චෝදනාවට අදාළව මුලින්ම නඩුව විභාග කෙරුණු පහළ අධිකරණයකදී වසර පහක සිරදඬුවමක් නියම වී තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව එම අධිකරණය ඔහුට මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...