බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටියේ පැවති ජනරැලියකදී රටේ වත්මන් පාලනය හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව කොළඹට පමණක් සීමා නොවී ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරමින් දිවයිනේ සියලුම පළාත්වලට පුළුල් කිරීමට සහ නව නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බව අවධාරණය කළ හෙතෙම, බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් වී ඇති බවත් මේ වන විට කිසිදු පුද්ගලයෙකුට හෝ ස්ථානයකට නීතියෙන් බේරී යා නොහැකි බවත් පෙන්වා දුන්නේය.

මීට අමතරව, මහජන මුදල් සොරකම් කළ පුද්ගලයින් ලෝකයේ කොතැනක සිටියත් නැවත මෙරටට ගෙන්වා දඬුවම් ලබා දෙන බවට ද ජනාධිපතිවරයා ප්‍රතිඥා කළේය.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, කිසිදු රටකට යටත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඇමරිකානු ගුවන් යානා සහ ඉරාන යුධ නැව් සඳහා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළේය.

තවද, කිසිදු විදේශීය ණය ආධාරයකින් තොරව පූර්ණ ලෙස මහජන මුදලින් අධිවේගී මාර්ග තුනක් ඉදිකරමින් සිටින බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...