ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11:
පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තාවකාලික තරග තහනමක් පැනවීමට පෘතුගාල පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ජාතික කණ්ඩායමේ පුහුණු කඳවුරෙන් ඉවත්ව යාමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

41 හැවිරිදි රොනාල්ඩෝ සහ පෘතුගාල කණ්ඩායමේ නව පුහුණුකරු ජෝර්ජ් ජේසුස් අතර ක්‍රීඩා කිරීමට ලැබෙන කාලය සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවීම මෙම සිදුවීමට හේතු වී ඇති අතර නෝර්වේ කණ්ඩායම සමඟ පැවති නේෂන්ස් ලීග් තරගයේදී රොනාල්ඩෝට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබීමෙන් පසු ඔහු කණ්ඩායම් කඳවුරෙන් ඉවත්ව ගොස් තිබිණි.

රොනාල්ඩෝ පවසා ඇත්තේ නෝර්වේ තරගයේදී මිනිත්තු 30ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙන බවට පුහුණුකරු පොරොන්දු වූ නමුත් තමන් උණුසුම් කිරීමේ අභ්‍යාසවල නිරත වුවද අවසානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි.

මෙම තරඟ තහනම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තමන් වගකීම භාරගන්නා බව පවසමින් රොනාල්ඩෝ පසුව සමාව අයැද ඇති නමුත් තම ක්‍රියාවට විනයානුකූල ප්‍රතිවිපාක ලැබිය යුතු බවද ඔහු පිළිගෙන ඇත.

එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, විනය පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇත.

විනය පරීක්ෂණය අවසන් වන තෙක් ඔහුට පැනවෙන අවසන් දඬුවම සහ ජාතික කණ්ඩායමට නැවත එක්වීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...