FUTA සහ NPP අතර විශේෂ හමුවක්!

Date:

කොළඹ LNW: විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (11) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ට බලපා තිබෙන ගැටලු සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුකර තිබුණු අතර රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින බාපතල අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කර තිබේ.

මෙම සාකච්ජාවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය භරන ජයවර්ධන ඇතුලු පිරිසක් සහභාගී වූ අතර ජාතික ජන බලවේගය වෙනුවෙන් විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගි විය.

දැනට බඳවාගෙන ඇති සිසුන් ප්‍රමාණය අනුව විශ්ව විද්‍යාල පවත්වාගෙන යාම සඳහා ආචාර්යවරු 12900ක් පමණ අවශ්‍ය වුවත් සිටින්නේ හය දහසකට ආසන්න ප්‍රමාණයක් වන අතර එයින්ද මේවන විට පනවා ඇති අධික බදු නිසා ආචාර්යවරු දහසක් පමණ රට අතහැර ගොස් ඇති බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දී තිබුණි.

මේ අතර විශ්ව විද්‍යාල තුළ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය අවම යටිතල පහසුකම් ද නොමැති බවයි එහිදී පෙන්වා දී තිබුණේ.
සිසුන්ට ලැබෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාද අඛණ්ඩව ඕලබෙන බවත් එම නිසා බොහෝ විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණ ඌනතා පවතින බවත්, එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වී ඇති බවත් ආචාර්යවරු පෙන්වා දුන්හ.

උසස් අධ්‍යාපනයේ මතුව ඇති මෙම ගැඹුරු අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බල කෙරෙන ක්‍රියාමාර්ග පක්ෂයක් ලෙසත් ඒකාබද්ධවත් ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී පැවසීය.

රට ගොඩනැගීමේ දී ජාතික ජන බලවේගය විශ්වාසය තබා ඇත්තේ මානව සම්පත සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා උසස් අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ජාතික ජන බලවේග නියෝජිතයන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...