පළමුවරට අපේෂක සුදුසුකම් ජනතාව බලා ගැනීමට අවකාශය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

මෙරට ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සුදුසුකම් මහ මැතිවරණයට පෙර ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසෙන ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමට පැෆරල්, මාර්තු 12 ව්‍යාපාරය සහ  ඩිජිටල් තාක්ෂණ සමාගමක් ගිවිසුමකට එළැඹ ඇත.

ඒ අනුව මෙය මෙරට මැතිවරණ ඉතිහාසයේ සහ දේශපාලන සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

225 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත මෙවර මැතිවරණයට 5000 ක් පමණ අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ගේ තොරතුරු ජනතාවට දැන ගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

මෙම තොරතුරුවලට ඔහුගේ නම, වයස, ඉහළම අධ්‍යාපන සුදුසුකම, වෘත්තීය තොරතුරු, ආදායම් මාර්ග, දේශපාලන පක්ෂය, දිස්ත්‍රික්කය, මනාප අංකය, වත්කම් බැරකම් ප්‍රකාශ, දේශපාලන පළපුරුද්ද, පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අරමුණ, ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ ඇයිද යන්න පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ හරහා ඡන්ද දායකයින්ට දැනුවත්ව තමන්ගේ ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට හැකියාව ලැබෙන බවත්, මේ සඳහා අපේක්ෂකයින්ගේ තොරතුරු ලැබීමට සලස්වන ලෙස සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...