ඇමරිකාවෙත් වැඩ වර්ජන!

Date:

කොළඹ LNW:ඇමෙරිකාවේ වෘත්තිය සමිති රැසක් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

එරට විශාලතම වෘත්තිය සමිතියක් වන ෆෝඩ් කර්මාන්ත ශාලාවේ යුනයිටඩ් ඔටෝ වර්කස් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය සඳහා සේවකයන් 9000කට ආසන්න පිරිසක් එක්ව සිටින බව සඳහන්.

ඇමෙරිකා මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් වන ෆෝඩ් , ජෙනරල් මෝටර්ස් හා ස්ටෙලැන්ටිස් සමාගම්වල සේවකයන් සඳහන් කරන්නේ නිසි ගෙවීම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොකිරීම එම වැඩවර්ජනවලට හේතු වී ඇති බවයි.

මේ වන විට ලක්ෂ 4ක පිරිසක් අදාළ සගාම්වලින් වෘත්තිය සමිති නියෝජනය කරන බවයි දැක්වෙන්නේ.

වර්ජන දිගින් දිගටම ක්‍රියාත්මක වීම ඇමෙරිකා මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට විශ්වාසය පළකර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...