*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

මන්ත්‍රී හෙක්ටර් ට යුරෝපයේදී මරණ තර්ජන!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරය ගැන කතා නොකරන ලෙස දන්වා යුරෝපයේදී අවස්ථා කිහිපයකදී මරණ තර්ජන පැමිණි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කරයි.

එම මරණ තර්ජන සහ ජිනීවා ගමන ගැන අසත්‍ය තොරතුරු ලබාදී තිබුණු පිරිස් අතර සම්බන්ධයක් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජීනිවා ගමන ගැන අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත්පත ඇතුළු වෙබ් අඩවිවලට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කරයි.

ඔවුන් පළ කළ පුවත්වල ඇති සත්‍යතාවය අධිකරණයේදී ඔප්පු කර පෙන්වන ලෙසත් අසත්‍ය පුවත් පලකළ සියලු මාධ්‍ය තහනම් කරන්න කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන කාර්යය මොන මඩ ප්‍රචාර මොන මරණ තර්ජන ආවත් නතර නොකරන බවද ඔහු කියා සිටියි.

‘‘ජිනිවා ගමන ගැන මාධ්‍ය මගින් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ගේ ඉත්තන් කණ්ඩායමකුත් එකතු වෙලා සමගි ජනබලවේගයට සහ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව මාධ්‍ය මගින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ගන්න තීන්දු තීරණ නතර කරන්න ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව මෙම ප්‍රහාරයේ අගමුල සොයනවිට දැනගන්න ලැබුණා. මුදල්වලට යටවුණ කණ්ඩායමක් විසින් අසත්‍ය තොරතුරු මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. ඉදිරියේදී අසත්‍ය තොරුතරු ප්‍රචාරය කළ මාධ්‍යවලට විරුද්ධව අධිකරණය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරන්න සූදානම් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරන්න එපා කියලා යුරෝපයේදී මරණ තර්ජන කිහිපයක්ම ආවා. ඒ මරණ තර්ජන සහ මේ අසත්‍ය තොරුතුරු ලබාදෙන පිරිස් අතර සම්බන්ධයක් තිබෙනවා.

මාව තමයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ ශාඛා නිර්මාණය කරන්න සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කරලා තිබෙන්නේ. මගේ වගකීම තමයි සෑම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන දේශපාලන වැඩසටහන් කරනවා වෙනුවට සංවිධානයක් නිර්මාණය කරන එක. සමගි ජන බලවේග රජයක් තුළ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සපයන්න සහ සම්බන්ධීකරණය කරන්න අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒ වගේම ලංකාවට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබාගන්නත් අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා.

ඒ වැඩසටහනි පිළිබඳ සොයා බලන්න අපි යුරෝපයට සහ ජිනිවාවලට ගියේ අපේ පුද්ගලික මුදල් වලින්. අපි ජිනීවා වලට ගිහින් මානව හිමිකම් කවුසිලයට ගියා. එහිදි මානව හිමිකම් කවුන්සිලයේ අමතර සැසිවාරවලට සහභාගි වුණා. ඒ අමතර සැසිවාරවලදී අපිට මුණගැහෙන්න පුලුවන් රටවල් වල තානාපතිවරු. අන්තර් පාර්ලිමේන්තු සංගමය අපි හමුවුණා. මේ සියලු දෙනා සමඟ අපි සාකච්ඡා කළා.

යුනිවර්සල් හියුමන් රයිට්ස් කවුන්සිලය තමයි අපිට මානව හිමිකම් කවුන්සිලය සමඟ සම්බන්ධවෙන්න පහසුකම් සපයලා දුන්නේ. අපි දවස් දෙකක් මානව හිමිකම් කවුසිලයේ පැවැති අමතර සැසිවාර වලට සහභාගි වුණා. අපි මාධ්‍යයට කිව්වේ නෑ ජිනිවා නුවරට ගිහින් මානව හිමිකම් කවුසිලයට යනවා කියලා.

අපි මානව හිමිකම් කවුසිලයේ සැසිවාර වලට සහභාගි වුණේ ලබන වසරේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට නිවැරදිව මුහුණ දීමට අවශ්‍ය පෙරහුරුව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍ය පෙරහුරව හදාගන්න. අපි මානව හිමිකම් සැසිවාරවලට සහභාගි වෙලා අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරගත්තේ රජයට / මාධ්‍යයට / පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට අවශ්‍ය විදිහට නෙවෙයි. අපට අවශ්‍ය විදිහට. මානව හිමිකම් සැසිවාරයේ මට ලැබිලා තිබුණේ 45 වැනි ස්ථානය නමුත් මානව හිමිකම් සැසිවාරය 43 වැනියාගෙන් අවසන් කළා. නමුත් අතුරු සැසිවාරවලදී ඉන්දියාවේ , ජරමනියේ . ඇමෙරිකානු , ප්‍රංශ , එන්ගලන්ත නියෝජිතයන් අපි හමුවුණා.

ඉරිදා දිවයින පත්තරේ සහ අරුණ පත්තරේ තියෙනවා අපි සූරිච්වලට ගිහින් මත්පැන් පානය කළා කියලා. සූරිච් වලට අපි අඩියක්වත් තිබ්බේ නෑ. ඉරිදා දිවයින පත්තරේ කතෘට කියනවා ඔවුන්ගේ පත්තරේ පළවුණ අසත්‍ය ප්‍රකාශය පිළිබඳ අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය ඇවිත් ඔප්පු කරන්න. පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන වැඩේ මොන මඩ ප්‍රචාර ගැහුවත් අපි නතර කරන්නේ නෑ. අපි ජිනිවා මානව හිමිකම් සැසිවාරවලදී පාස්කු ප්‍රහාරය ගැන කතා කරන කොට ඊට විරුද්ධව කතා කරන කණ්ඩායමක් හිටියා. ඔවුන් තාමත් පාස්කු ප්‍රහාරයේ හෙවනැලි වල ඉන්නවා. සමගි ජනබලවේගය බලය ගත්තාට පස්සේ වැරදිකරුවන් නිසි දඩුවම් ලබා දෙනවා කියන කාරණය ජන සමාජයේ තියෙනවා. ඒ විශ්වාසය නැති කරන්න බොහෝ දෙනෙක් උත්සහ කරනවා.

අධිකරණ කටයුතු සඳහා අසත්‍ය පුවත් වාර්තා කළ පුවත්පත් සහ වෙබ් අඩවි සියල්ල පිළිබඳ තොරුතුරු රැස් කරලා අවසානයි. ඔවුන් ප්‍රකාශ කළ දේවල් වල සත්‍යතාවය පුලුවන්නම් අධිකරණයේදී ඔප්පු කරලා පෙන්වන්න. ඒ වෙනුවෙන් අපි සටන් කරලා ඒ සියලු මාධ්‍ය තහනම් කරන්න අපි සූදානම්. පුවත් පත්වල අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන්න කලින් අදාල මාධ්‍ය ආයතනවලට තිබුණා අපිට කතා කරලා අහන්න ඇත්ත මොකක්ද කියලා. ඒකයි මාධ්‍ය සධාචාරය. නලින් බණ්ඩාර මන්න්‍රීවරයා ජිනිවා ගියේ ලංකාවේ මාධ්‍ය නිදහස ගැන කතාකරන්න. අද නලින් බණ්ඩාර මන්න්‍රීවරයා ලැජ්ජවෙනවා ඒ ගැන. මින් ඉදිරියට මාධ්‍ය නිදහස ගැන මම එක වචනයක් කතා කරන්නේ නෑ.‘‘යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan