එඩී වොලබියස් අතහැර ජපානයට යයි ද?

Date:

ඕසට්‍රේලියානු රග්බි කණ්ඩායම පරාජය වීමෙන් පසුව එහි පුහුණුකරු එඩි ජෝන්ස් නැවත ජපාන කණ්ඩායම සමඟ එක්වීමට තීරණය කර තිබෙන බවට ප්‍රචාර පැතිර යමින් තිබෙනවා.ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡා පැවති බවටත් ප්‍රචාරය වෙමින් තිබෙනවා.


වොලබිස් නමික් ප්‍රකට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉතිහාසයේ දැවන්තම පසුබෑමකට ලක්ව අර්ධ අවසන් පූර්ව තරගයට හෝ සුදුසු නොවී ගෙදර යන තත්ත්වයකට පත් වූ අවස්ථාවක එහි පුහුණුකරු එඩි ජෝන්ස්ට ජපානයෙන් ඉල්ලීමක් ලැබිම විමතිය දනවන්නක් වුව ද,එඩී ගේ ඉතිහාසයේ ඇති ස්වර්ණමය මතක ඒ සඳහා මඟ සකස් කරන්නට ඇති බව විශ්වාස කළ හැකියි.


1996 ජාත්‍යන්තර පුහුණු අත්දැකීම ජපාන සහය පුහුණුකරු ලෙස අරඹන එඩී ජෝන්ස් 2001 – 2005 කාලය තුළ ඕසටේලියානු පුහුණුකරු ලෙසත්,2007 දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙසත් 2012 කාලයේ ජපන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහ 2015 -2022 කාලයේ එංගලන්ත පුහුණුකරු ලෙසත් ලොව පුරා රගර් පුහුණුකරුවෙක් ලෙස කැපී පෙනෙන වගකීමක් ඉටු කළ අයෙක් වෙනවා.
ඔහු නැවත මේ වසරේ ඕස්ට්‍රේලියානු පුුහුණුකරු ලෙස පත් කරන විට ලෝක කුසලානයට තමන්ගේම සැළසුමක් අනුව ක්‍රියාත්මක වන සැළකිය යුතු කාලයක් තිබුණේ නැහැ.ඒ නිසාම ඕස්ට්‍රේලියාවද මේ ඓතිහාසික පරාජයේ මුළු බර එඩී පටවා ඔහුව විවේචනය කරන්නට හෝ ඔහුට ඉවත් වන්නට කියන්නට ඉදිරිපත් වී නැහැ.මෙවැනි තත්ත්වයක් යටතේ එඩි ඉවත් වන බවටත්,ජපානය සමඟ හොර රහසේ සාකච්ඡා කර ඇති බවටත් පැතිරෙන කතාවන් සමබන්ධයෙන් ඕස්ට්‍රේලියානු පරිපාලනය යම් කළකිරීමක් පළ කරනවා.
එහෙත් මේ තත්ත්වය ගැන එඩී ජෝන්ස් පවසන්නේ තමන් එවැනි සූදානමක් නැති බව සහ එවැනි කතා බහක් සිදු නොවූ බවයි.මේ සම්බන්ධයෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එවැනි තොරතුරක් වාර්තා කළ ටොම් ඩීසන්ට් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇති කර ගැනීමටත් එඩී පෙළඹුණු බවයි.එහෙත් මාධ්‍ය මඟින් එඩීගේ බිරිඳ ජපන් ජාතිකයෙක් වීම මෙන්ම ජපන් සභාපති මසාටෝ ට්සුචිඩා එඩීගේ දැඩි මිත්‍රයෙක් වීමත් මෙම කතාවන්ට පදනමක් බවට ඉඟි පළ කරනවා.


එහෙත් එඩී ජොන්ස් පවසන්නේ තමාට කිව හැකි එකම දේ තමා ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු වීමට කැපවී සිටින බවයි යන්නය.
මෙම ලෝක කුසලානයෙන් පසු ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩාව පත්වී ඇති තත්ත්වය අනුව ඔවුන් මාව තබා ගැනීමට කැමතිද නැද්ද යන්න තීරණය කරයි, එය ඔවුන්ට භාරයි.” යනුවෙන්ද එඩි ජෝන්ස් මෙහිදී පවසා තිබෙනවා.
කෙසේ වුවත් එඩි ඉවත් කිරීම ගැන අදහසක් පළ නොකරන අතරම ඕස්ට්‍රේලියානු රගර් හී ප්‍රධාන විධායක ෆිල් වෝ පවන්නේ තමන් එඩි ජපානය සමඟ කතා නොකළ බවට කරන ප්‍රකාශය විශ්වාස කරන බවයි.කෙසේ වුවත් එඩි ඕස්ට්‍රේලියානු පරාජය අනුව දක්ෂයෙක් නොවන බවට ඔහුගේ ඉතිහාසය විසින් ඇති කර තිබෙන විශ්වාසය මෙහිදි හොදින් පැහැදිළි වන අතර ඕස්ට්‍රේලියාව සමඟ වන පස් අවුරුදු ගිවිසුම අවලංගු කර ඔහු ජපානය සමඟ එක් වුණේ නැතිනම් ඉදිරි වසර කිහිපය නැවත වොලබියස් ගොඩ නැඟීමේ වගකීම ඔස්ට්‍රේලියානු රගර් විසින් එඩී වෙතම පැවරීමට ඉඩ තිබෙන බව පැහැදිළියි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...