හොරට ගෙන්වූ පිළිකා එන්නතකුත් භාවිතයෙන් ඉවතට!

Date:

කොළඹ LNW: රෝගීන්ට ලබා දීමෙන් පසුව සංකුලතා ඇති වීම හේතුවෙන් පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධාරණය කරයි.

එම ඖෂධය ගෙන්වා ඇත්තේ මෙරට ආසදු ලේඛනගත කළ සමාගමක් විසින් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව අදාළ සමාගම එම පිළිකා එන්නත් 2250ක් මෙරටට ගෙන්වා ඇති බව සඳහන්.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගනිමින් එය සිදුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකෙරන බව ගුණසේකර මහතා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ ඖෂධ මිලදී ගැනීමේ බලයක් සහ ඊට කිසිම සම්බන්ධයක් ජාතික ඖෂධ අධිකාරිය තුළ නොමති බවයි.

”ඇතැම් ඖෂධ වල සංකුලතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙක් මිය ගියා. ඒ ගැන අතිශය කණගාටු වෙනවා අපි මේ රටේ පුරවැසියෝ විදිහට. ප්‍රශ්නය තියෙන්නේ මේ ඖෂධ ටික අපි ගෙනාවේ නැත්නම කොවිඩ්වලට වඩා මිනිස්සු මැරෙනවා. අපිට දෙන ආධාර මත යැපෙන්න සිද්ධ වුණා. තෙල් වගේම ඖෂධත්. මේ තත්ත්වයන් තුළ තමයි හදිසි මිලදී ගැනීම් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය ගියේ. එතැනදී ඖෂධ නියාමන අධිකාරිය ලෙස අපිට සිද්ධ වුණා සාමාන්‍ය පට්පටියෙන් බැහැර වෙලා අවසර ලබා දෙන්න. වර්තමානයේ ඇතිවෙලා තියෙන අලුත්ම කාරණය එක්තරා සමාගමක් විසින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුණා. මෙතැනදී අපි පැහැදිලිවම ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහ සීල් ව්‍යාජ ලෙස යොදාගෙන තමයි මේක කරලා තියෙන්නේ.” යනුවෙන් ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...