*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

වකුගඩු සහ පිළිකා රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ දෙකක් හිඟයි – විපක්ෂ නායකගෙන් අනාවරණයක් (VIDEO)

කොළඹ LNW:රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීම් අපේක්ෂාවෙන් සිටින රෝගීන්ට ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඖෂධවල හිඟයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අනාවරණය කළේය.

Basiliximab, Antithymocytic Globulin යනාදී ඖෂධ හා එන්නත් වර්ග රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධකිරීමට අතශ්‍යාවශ්‍යම වුවත් ඒවා මේ වන විට රට තුළ නොමැති බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ ලබා දෙන්න රජය අපොහොසත් වුවත් ඖෂධ මාෆියාව හරහා බාල බෙහෙත් ගෙන්වා ඒවා හොර පාරෙන් වෙළෙඳපොළට ඇතුළත් කරන දූෂිත ක්‍රියාවලිය කරමින් රජය තමන්ගේ දක්ෂතාව රටටම පෙන්වා ඇති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම රෙටුක්සිමා (Rituximab) නම් ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග පාලන හා පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධය ද තත්ත්වයෙන් බාල ඒවායින් ගෙන්විමට කටයුතු කර ඇති බව හෙතෙම චෝදනා කළේය.

විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ බාල ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට රාජ්‍ය අනුග්‍රහයක් ලැබී ඇති බවත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් බැහැරව ගෙන්වීමේ ඒ ක්‍රමවේදය බහුලවම ක්‍රියාත්මක කර ඇත්තේ වත්මන් ජනාධිපතිගේ රජය හා වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය බවත් ය.

එසේම මේ හරහා පුදුමාකාර හොරකම් රැසක් ක්‍රියාත්මක වන බවත් පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් ද බාල බෙහෙත් ලෙස හොර පාරෙන් ගෙනවිත් පිළිකා රෝගීන් මරණ මංචකය කරා ගෙන යාමට මේ රජය කටයුතු කර ඇති බවත් ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගවලින් පෙලෙන රෝගීන් ද මේ නිසා අපසුතාවට පත්ව ඇති බවත් ජීව විද්‍යාත්මක සංකීර්ණ ඖෂධයකින් පවා හොරකම වංචාව අල්ලස දූෂණය ක්‍රියාත්මක කර ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

ජනාධිපතිට ඕනේ ජනතාව රකින්න නෙවෙයි සෞඛ්‍ය ඇමතිගේ හිත සනසන්න

මෙවැනි දෙයක් වෙද්දි ජනාධිපති බලා සිටීම පුදම සහගත බවයි ඔහු කියාසිටියේ.

මේ හොර ඖෂධ ජාවාරමට සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොව ජනාධිපති හා සෞඛ්‍ය ඇමති රකින්න ඡන්දය ලබා දුන් 113 දෙනාම වගකිව යුතු බවත් විශ්වාසභංගයේ දී බොරු කතා නිර්මාණය කර ඖෂධ මාෆියාව එක්ක 113ක් සිටගත් මොවුන් මේ බාල බෙහෙත් වංචාවන් සදහා එක හා සමානව වගකිව යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ජනතාව ජීවත් කරවීමට වඩා ජනාධිපතිවරයාට සෞඛ්‍ය ඇමතිවරයාගේ හිත සනසා තමගේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම වැදගත් වී ඇති බවයි.

බංකොලොත් රටේ මෙවැනි ජාවාරම් තුළි න් මුදල් හම්බකිරීමේ ජාවාරම් සිදු කිරීමත් ඒ දෙස බලා කිසිත් නොකර සිටිමත් යුක්ති සහගත නොවන බවත් මිනිසුන් මරණ, මිනිසුන්ගේ ජීවිත විනාශ කරන මෙකී සාපරාධි ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයකින් යුක්තව රටේ නීතිය ක්‍රියාත්මක කර මේ සදහා වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට ගෙනවිත් නිසි දඩුවම් ලබා දෙන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan