*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

ණය ගැනීම අපරාධයක්ද …?

ග්‍රාමිය කුටුම්භයක් විසින් ණය ලබාගන්නේ එදිනෙදා යැපීම සඳහාය. දිගින් දිගටම එසේ යැපීමට ණය ගැනීම කුටුම්භ ආර්ථිකයකට නම් සුබ නැත..

නමුත් මහද්වීපික ආර්ථිකයක් සම්බන්දව එය එසේ නොවේ..

නූතන රාජ්‍යයක් විසින් පිටතින් ණය ලබාගත යුතුය, එවා ආයෝජන බවට හැරවිය යුතුය.. එසේම හැකි හැම විටම පිටත රාජ්‍යයන්ට ණය දියයුතුවද ඇත.. ඇමෙරිකාව වැනි ඉතා ධනවත් රාජ්‍යයන්ද පිටතට ණය දී ඇතුවාක් මෙන්ම පිටතින් ණය ලබාගෙනද ඇත…

මෙහිදී ණය වහකදුරු මෙන් පෙනෙන්නේ කුටුම්භ ආර්ථික විඥානයෙන් මහද්වීපික ආර්ථික විද්‍යාව විග්‍රහ කරගැනීමට යාම තුළ ය.

කුඩා විවේචක කන්ඩායමක්ව සිටින තුරු ජ.වි.පෙ. ද ණය වීම සාපයක් සේ සැලකීය.. නමුත් රාජ්‍ය බලයට කර ගැසූ පළමු මොහොතේම ඔවුන්ට ණය ආර්ථික යථාර්ථය අභිමුඛවී තිබේ..

මෙහිදී ගත් ණය නිසි ලෙස ආයෝජනය වී නැතිවීමද ලංකාවේ නිධන්ගත රෝගයක්ව ඇතිබව පෙනේ..

මොන ආයෝජනය කළත් බිමෙන් නැගෙන ගතානුගතික විරෝධය මේ තත්වයට හේතුවී ඇති බව පෙනේ.. එදා වික්ටෝරියා ජලාශයට රන්දෙණිගල, රන්‍ටැඹේ, මාදුරුඔය ජලාශවලට එරෙහිව නැගුන මහජන විරෝධයද, මෙදා උමාඔය විරෝධයද, ගල් අඟුරු බලාගාරවලට එරෙහි විරෝධය ද උදාහරණ ලෙස සඳහන් කළ හැක…

එසේම පැවති ආන්ඩු විසින් කල යුත්ත පැත්තක තබා ඊනියා ජනතාවාද චූන් කිරීමට ඇතැම් බංකොලොත් රාජ්‍ය අංශයන් වැඩිවැඩියෙන් නඩත්තු කිරීමට යාම නිසා ගත් ණය පැටවු ගැසීම ද සිදුවිය..

මෙහිදී ඉතිහාසයේ ජ.වි.පෙ සිටියේ ද ඉහත සඳහන් ආයෝජන විරෝධයේ නිසාත්, ඔවුන්ගේ වැඩි නැඹුරුව ඇත්තේ බංකොලොත් රාජ්‍ය අංශය ගොඩ දැමීම සඳහා නිසාත් මේ ගන්නා ණයෙහි ඵලදායී බව ද ගැටලුකාරීය.

මෙහිදී දූෂණය නැතිකිරීමේ ජනප්‍රියවාදයද මෙයටම අදාලය. මන්ද දූෂණ වංචා අවම කල හැක්කේ ද නූතන තාක්ෂණය තුළින්ම ය.. ඒ මිස පුද්ගලයින්ගෙ හොඳ නරක කැරැක්ටර් එයට අදාල නොවේ..

රටක සියළු ගනුදෙනු පරිගණක ජාලගත වූ විට එහි ක්‍රියකාරීත්වය කිසිවෙකුට වෙනස්කල නොහැක.. එසේම එය විනිවිද පෙනේ.. උදාහරණයල් ලෙස දියුණු රටක යම් රියදුරෙක් මාර්ග නීති උල්ලංඝනය කලේ නම් මාර්ගය දෙපස ඇති කැමරාවල එය සටහන්වී අන්තර්ජාලය හරහා දඩය ඔහු වෙත ස්වයංක්‍රීයව යොමුවේ.. ඒ සන්දර්භයේදී අතරමැද අල්ලස් ගන්නෝ හෝ දෙන්නෝ බිහි නොවේ.. ඒ රටවල්වල බදු චක්‍රය ද සීයට සීයක්ම සිස්ටම් ගතකර තිබේ..

සිස්ටම් චේන්ජ් නොව ලංකාවේ අර්බූදය සිස්ටම් නැතිකමයි..

මෙහිදී ලංකාව වැනි රටවල්වල බහුතර ජනතාවගේ ද නිලධාරීන්ගේ ද පරිගණක සාක්ෂරතාවයේ පවතින දුර්වල කම ද, (ඇතැම් වයසක අමාත්‍යාංශ ලේකම්වරුන් ලඟ ද අතේ ඇපල් ෆෝන් ඇතත් වට්සප් කෝල් එකක් ගැනීමකට එහා ගිය ස්මාට් පරිහරණයක් නොදන්නාබව කියවේ) දූෂණයට අත්ලසට ඇති නැඹුරුව නිසාම පරිපාලන ව්‍යුහය පරිගණක ජාල ගතකිරීමට විරුද්ධ නිලධාරීන් පිරිසක් බිහිව සිටීම ද සමස්ත අර්බූදයේම පොලොවට මුල් ඇද ඇති තවත් කොටසකි…

අලුත් ආන්ඩුවෙන් පත්වූ ඇත්තන් මුලදි මුලදි දූෂණ වංචාවලින් වැලකී සිටිනු ඇත.. ඒ, ඒ සඳහා ඔවුන් දැන් ආධුනික නිසාත් විශාල මුදලකට හාහාපුරා කියා එකවර අත තැබීමට ඇති බියනිසාත්, මානසිකව එයට හරිබරි ගැසීමට යම් කාලයක් ගත්වන නිසාත් ය..

නමුත් කල් ගතවූ පසුව සියල්ල පෙරසේම දකුණු ආසියානු යථාර්ථයට අනුව සිදුවනු ඇත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan