බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW:

මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ් බෙකම් ක්‍රියන්නෙ පාපන්දු ක්‍රීඩාවේ පරමාදර්ශි චරිතයක්.ලෝකයේ කඩවසම්ම සහ ආකර්ශනීය පාපන්දු ක්‍රීඩකයා හැටියට බොහෝ තැන්වල ඔහුව හඳුන්වනු ලැබුවා.හැඩ විතරක් නොවේ වැඩත් ඔහුගේ ඉහළම තැනෙක තිබුණ නිසා එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායකයා හැටියටත් ඔහු එංගලන්ත පාපන්දු ක්‍රීඩාවේ උන්නතියට විශාල සහයෝගයක් ලබා දුන්නා.
මේ සියල්ල පදනම් කරගෙන ඩේවිඩ් බෙකම් නයිට් නාමයෙන් පුද කරනු ලැබුවා.එය සිද්ධ වුණේ එංගලන්ත රජ පවුලේ සහභාගීත්වය ඇතුළු වින්ඩ්සර් මාළිගය තුළයි.ඒ අවස්ථාවට චාල්ස් රජුම සහභාගිවීමත් කැපී පෙණුනා.එසේම කාගේත් අවධානය යොමු වුණේ ඒ මොහොතට බෙකම් පැමිණ සිටි ආකාරය ගැනයි.එය චාල්ස් රජු ඉදිරිපට චාල්ස් රජු සිට ගෙන සිටීමක් වගේ වුණා.ඊට හේතුව බෙකම් චාල්ස්මය විලාසිතාවකින් පෙනී සිටීමයි.


ඒ ගැන කරුණු විමසද්දි බෙකම් කියා සිටියෙ ඇත්තටම ඔහු චාල්ස් රජුගේ ඇඳුම් විලාසිතා ප්‍රිය කරන්නෙකු නිසා මෙම ඇඳුමට එයින් ආභාෂයක් ලැබූ බව ලබන බවයි.බෙකම් මේ අවස්ථාව ඉතා ඉහළින් ගෞරවයෙන් යුතුව තමන්ට ලැබුණු ඉහළම උපහාරය ලෙස සළකමින් අදහස් දක්වා තිබෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍යය ඇතුළේ විශාල ලෙසින් වාර්තා වුණා.

ඔහු එම අවස්ථාවට අදාළව සිය ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ ද සටහනක් කර තිබෙනවා.ඒ එම අවස්ථාවේ ඡායාරූප එකතුවක්ද සහිතවයි.පහත දැක්වෙන්නේ බෙකම්ගේ ඉන්ස්ට්‍රගෑම් ගිණිමේ ඔහු සටහන් කර තිබූ දෙහි සිංහලමය අදහසයි
// වින්ඩ්සර් මාලිගයේ රජතුමාට මගේ නයිට් පදවිය ලැබුණු මේ මොහොත ගැන මම සදහටම කෘතඥ වෙනවා… මේ දවස වෙනුවෙන් මාලිගාව මෙතරම් විශේෂ හා සාම්ප්‍රදායික කළ සියලුම ජනතාවට ස්තූතියි, සම්ප්‍රදාය සම්බන්ධයෙන් අපේ රට තරම් රටක් නැහැ, එය බ්‍රිතාන්‍ය වීම ගැන මට තවත් ආඩම්බරයක් ගෙන දෙනවා.මගේ බිරිඳට, මගේ දරුවන්ට සහ මගේ දෙමාපියන්ට මෙය අපට කිසිදා අමතක නොවන දිනයක්, එසේම විශේෂ දිනයක් තවත් විශේෂ කිරීම ගැන ඔබට ස්තූතියි… මම ඔබ සැමට ආදරෙයි.//

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...