උතුරු ගාසාවේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ලකළ ප්‍රහාරයක් හේතුවෙන් 22දෙදෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල හමුදා විසින් උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට එල්ල කරන ලද ප්‍රහරයක් හේතුවෙන් කාන්තාවන් හා ළමුන් ඇතුළුව 22නෙකු ජිවිතක්ෂයට පත්ව 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල් හමුදාව මිට සතියකට පෙර ජබාලිය ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස සමනය ජනතාව දැනුවත් කර තිබු අතර ඔවුන් මෙහිදී සඳහන් කර තිබුණේ පලස්තීන හමාස් කන්ඩායම නැවත සංවිධානය වීම නැවැත්වීම ඉලක්ක කරගෙන ඇති බවයි.

මෙම ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් වැසියන් දහස් ගණනක් කොටු වී ඇති අතර හමාස් සංවිධානය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙම ඝාතන ඊශ්‍රායලය විසින් ඇමරිකානු සහයෝගයෙන් අපගේ ජනතාවට එරෙහිව සිදු කරන සාපරාධී ජන සංහාරයක් වශයෙනි.

ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ඔක්තෝබර් 1 වන දා සිට කිසිදු ආහාර ආධාරයක් ගාසා තිරයේ උතුරු ප්‍රදේශයට ගොස් නොමැති අතර එහි මාර්ග සියල්ල හමුදාව විසින් විනාශ කර ඇති බවයි ලෝක ආහාර වැඩසටහන සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...