ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික අංශයේ ඉන්ධන සමාගම් සමග අත්සන් තබා ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අද අපේ තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. පුද්ගලික සමාගම් කියනවා ඒ ගානට දෙන්න බෑ කියලා. දැන් ඒකයි වෙලා තියෙන්නෙ. වෙනදා මොකද වෙලා තියෙන්නෙ ? ආණ්ඩුවේ එක ගණන්, පුද්ගලික සමාගම් ලාභයි. අද මොකද වෙලා තියෙන්නෙ ? ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ තෙල් ලාභයි. පුද්ගලික අයට ඒ ගාණට දෙන්න බෑ.

එක සමාගමක් කියනවා රුපියල් 132කින් ඩීසල් වැඩි කරන්න කියලා. තව ඒ සමාගමක් කියනවා 116කින් ඩීසල් වැඩි කරන්න කියලා. අපි වැඩි කළේ නෑ. අපි කිව්වා අපි තෙල් සංස්ථාව හරහා මේ රුපියල් 70 සහනාධාරය සහිතව රුපියල් 10කින් විතරක් ඩීසල් වැඩි කරලා අපි ජනතාවට බරක් නොදී බලාගන්නවා කියලා.

අද පෞද්ගලික සමාගම් ෂෙඩ්වල තෙල් හිඟයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා වැඩි කරේ නැත්නම් විකුණන් නෑ කියලා. ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බෑ. ඒවා දෙන කොට ගහපු ගිවිසුම්වල තියෙනවා අපි හිර වෙච්ච තැන්. පරණ ගිවිසුම්. අපි ඒවා සංශෝධනය කරනවා.

ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ 58%යි. අද ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව 77%යි. ඉතිරි 23% කරන්න කට්ටියට බැරිනම් ඒක අපිම කරන්නම්. මතක තබා ගන්න. අපි ඒ ගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න, අපි අපේ ගානට විකුණනවා. එච්චරයි. වෙන උත්තර නෑ මේවට”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (11) ඉබ්බාගමුවේදී පැවති “අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” ජන රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...