සනත් නිශාන්තව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් නිකුත් කෙරේ

Date:

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් දෙකට අදාළව අද (13) දිනයේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණත් එම නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ ඒ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඒ අනුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පොලිස්පතිවරයා වෙත මෙම වරෙන්තුව නිකුත් කළ අතර පෙත්සම් නොවැම්බර් 10 වනදා යළි කැඳවීමටත් නියම කළේය.

කෙසේවෙතත් පෙත්සම් විභාගය අවසන් වූ පසුව යම් වේලාවකට පසු සනත් නිශාන්ත මහතා අධිකරණයට පැමිණ ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...