ශ්‍රී ලංකාවේදී 2024 ජූනි මස 4 සිට 8 වන දින දක්වා පැවත්වීමට නියමිත 14 වැනි දකුණු කායවර්ධන සූරතාවලිය සම්බනධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ සභාපති Datuk Paul Chua, විධායක අධ්‍යක්ෂිකා Christina Y Kam සහ ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ මහලේකම් Chetan M. Pathare ඇතුළු ජාතික සංගමයේ නිළධාරීන්ගේද සහභාගීත්වයෙන්,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

එහි දී අමාත්‍යවරයා තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට ඉදිරි කටයුතු සිදු කරන ලෙස නිළධාරීන් හට උපදෙස් ලබා ලබා දෙන ලදි. මෙම ශූරතාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමට ඉදිරිපත් වීම පිළිබදව WBPF SRI LANKA නිලධාරීන් වන ජගත් සමරසේකරට සහ ජනක සමරසිංහට ද, ඔවුන්ගේ කණ්ඩායමට ද ස්තූතිය පල කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කළේය.
ඉදිරියේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතාවලිය පිළිබදව සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට ලැබීම සහ එය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අමාත්‍යවරයා දක්වන උනන්දුව හා සහයෝගය පිළිබඳව WBPF සභාපතිවරයා සහ නියෝජිතයන් අතිශයින් සතුටට පත් වූ බව ප්‍රකාශ කළේය. ඒ සදහා ඔවුන්ගේ ස්තූතිය ද අමාත්‍යවරයා වෙත පල කරන ලදි.
මෙම සාකච්ඡාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේෂන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.පී.එස්.ආර්. ද සිල්වා හා තහනම් උත්තේජන මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරෝමි අල්විස් ඇතුළු පිරිසක් අමාත්‍යංශය වෙනුවෙන් එක්ව සිටියහ.
සටහන – නිෂ්මං රණසිංහ
