*
Monday, May 6, 2024
spot_img

Latest Posts

දක්ෂිණ අධිවේගය නැවතත් නාය යයිද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පවසයි.

මේ වනවිට , නායයෑමෙන් අවහිරවූ දක්ෂිණ අධිවේගී මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂකවරයා කියා සිටී.

අධ්‍යක්ෂකවරයා තවදුරටත් කියා සිටියේ ,

“තව පැල්මක් තිබෙනවා.. ඒ කියන්නේ තව අවදානමක්. ඒකත් එන්න පුළුවන්. ඒ තත්ත්වයත් බලලා තමයි ඉදිරියේදී මාර්ග කොටස විවෘත කරන්න කටයුතු කරන්නේ.”

මේ පිළිබඳ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සිදුකරන පරීක්ෂාවෙන් පසු ලබාදෙන නිර්දේශ මත ගමනාගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ වනවිට අදාළ මාර්ග කොටස ජලය යොදා පිරිසිදු කරමින් පවතින බවද අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan