පාර්ලිමේන්තුවේ බහුතර බලය ජනතාව අපට ලබාදෙනවා. ඒ ගැන සැකයක් නෑ – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට ලැබෙන පාර්ලිමේන්තු බහුතර බලය ප්‍රමාණාත්මක වශයෙන් පමණක් නොව ගුණාත්මක වශයෙන් ද ශක්තිමත් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා, ඉන් අවුරුදු පහකට පසුව ඔවුන් පරාජයට පත්වුණා. 2020දී ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. හැබැයි අවුරුදු දෙක හමාරෙදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සීසීකඩ ගියා, ජනාධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ශක්තිමත් බලය කියන්නෙ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප්‍රමාණය පමණක් නොවෙයි. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන හිස් ප්‍රමාණය නම් අපේ රටේ 2010 ශක්තිමත් ආණ්ඩුවක්, 2020 ශක්තිමත් ආණ්ඩුවක්. හැබැයි ඒවා ඉතා කෙටි කාලයකදී ජනතාව විසින් පළවා හරින ලද පාලනයන් බවට පත්වුණා. ඒ නිසා ශක්තිමත් බලයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනය අවශ්‍යයයි, ඒක පිළිගන්නවා. හැබැයි එය ප්‍රමාණාත්මක නියෝජනයක් වගේම සමාජය අපේක්ෂා කරන ගුණාත්මක ගති ලක්ෂණ විශාල ප්‍රමාණයකින් ඒ ශක්තිමත් බලය නියෝජනය විය යුතුයි. පාර්ලිමේන්තුවේ හුදු මිනිසුන්ගෙන් පිරුණු ශක්තිමත් බලය වැඩක් නෑ. මතක තබාගන්න. අත්දැකලා තිබෙනවා. අපට අවශ්‍යකම තිබෙන්නේ ප්‍රමාණාත්මක බහුතර බලයක් වගේම නව ගුණාත්මක ගුණාංග විශාල ප්‍රමාණයකින් සමන්විත පාර්ලිමේන්තුවක්. අන්න ඒ ගුණාත්මක කොටස කැටුව එන්නේ ඔබ. ප්‍රමාණාත්මක කොටස, ඒක අපට ජනතාව ලබාදෙයි. ජනතාව ලබාදෙනවානෙ, ඒක පිළිබඳ විවාදයක් තබාගත යුතු නෑ. ජනතාව අපට ප්‍රමාණාත්මක කොටස ලබාදෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද ප්‍රමාණය, බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාව අපට ජනතාව විසින් ලබාදෙනවා. හැබැයි අන්න එම ප්‍රමාණය කොයිතරම් ප්‍රමාණයකින් ගුණාත්මකද කියලා තීරණය කරන්නෙ ඔබ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (13) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවති ජාතික ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...