*
Monday, October 14, 2024
spot_img

Latest Posts

2015 කුමන්ත්‍රණය යළි ක්‍රියාත්මක ද කියා සැකයි!

කොළඹ LNW: ”මේ රටට ඇත්තටම ආදරය කරන්නේ කවුද කියලා, මේ රටට ඇත්තටම සංවර්ධනයක් ගෙනාවේ කවුද කියලා, ඒ වගේම මේ රට පහුගිය කාලයේ කඩාවට්ටන්න සිදුකරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුද? කියන කාරණා හොඳින් තේරුම් බේරුම් කරගෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු
මැතිවරණයට ජනතාවගේ ඡන්දය භාවිතා කරන්න කියන ගෞවරනීය ඉල්ලීම කරනවා.”
යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ,අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ඔවුන්ගේ රජයකට ඉදිරි කාලයේදී අපි පක්ෂයක් හැටියට මේ රට වෙනුවෙන් අවංකව රටේ උන්නතිය වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් සිදුකරන සියලු කටයුතුවලට සහයෝගය දීමට බලාපොරොත්තු වන බවයි කාරියවසම් මහතා පැවසුවේ.

පක්ෂයක් ලෙස කිසිම ආකාරයකින් එම සංවර්ධනයේ ගමනට කකුලෙන් ඇදීමට කටයුතු නොකරන අතර ඊට උපරිම සහයෝගය,ශක්තිය ලබාදෙන බවද ඔහු කියාසිටියේය.

එදා 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම වෙනුවෙන් ගෙන ගිය කුමන්ත්‍රණය යළි ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද යන සැකය ද පවතින බවයි සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

‘2015 සිදුවූ කුමන්ත්‍රණය ඒ ආකාරයෙන්ම සිදුවුවාදෝ කියන සැකය අපිට යම්කිසි ආකාරයකින් තිබෙනවා. 2015 දී වගේම මේ අවස්ථාවේදිත් දිගින් දිගටම ජාතික දේපළ හොරකම් කළා , මේ රටේ විදේශ විනිමය ගුවන් යානාවලින් වෙනත් රටවලට ගෙනගියා වගේ මහා අසත්‍ය චෝදනා නගලා ජනමනස විකෘති කරලා ලබාගත්ත ඡන්දයක් හැටියට අපිට පේන්නේ. මෙය ජනතාව නැවත තේරුම්ගන්නකොට නැවත ඔවුන් අපවටා ඒකරාශි වෙනවා. අපිට ඒ ශක්තිය දෙනවා කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ගියවර කුමන්ත්‍රණය සිදුවුනේ මේ රටේ ජාතික බලවේගය කඩලා ඒ බලය ලබාදුන්නා ධනවාදි කඳවුරකට. නමුත් මෙවර කළේ ඒක අසාර්ථක වෙච්ච නිසා ඒ ජාතික බලය කඩලා එය වාමවාදි කඳවුරකට ලබාදීමට කටයුතු කළා. හැබැයි මේ ජාතික කදවුර කඩලා වාමවාදි කදවුරක් ශක්තිමත් කිරීම දිගටම ගෙනියන්න හැකිවේද ? නැත්ද? කියන කාරණය සම්බන්ධයෙන් මේකේ පිටිපස්සේ සිටින පිරිසටද සැකයක් තිබෙන නිසා වෙන්න ඇති මේ වන විට ව්‍යාජ ජනතවාදි, ජාතිකවාදි කදවුරකුත් බිහිකරන්නට කටයුතු කරලා තිබෙන්නේ. මේ සියලු කරුණු කාරණා ගැන ජනතාව සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරලා මේ රටට ඇත්තටම ආදරය කරන්නේ කවුද කියලා , මේ රටට ඇත්තටම සංවර්ධනයක් ගෙනාවේ කවුද කියලා, ඒ වගේම මේ රට පහුගිය කාලයේ කඩාවට්ටන්න සිදුකරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුද? කියන කාරණා හොඳින් තේරුම් බේරුම් කරගෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ජනතාවගේ ඡන්දය භාවිතා කරන්න කියන ගෞවරනීය ඉල්ලීම කරනවා.” යනුවෙන් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan