පුංචි සිඟිත්තාට මව්කිරි ලබා දෙන කාලසීමා!

Date:

සිඟිත්තෙකු මෙලොව එළිය දකින විට ඔහුගේ පෝෂණ අවස්ථාවන් සපුරාලීමට ස්වාභාවිකවම මව්කිරි නිෂ්පාදනය වීම හරි අරුමයකි. මවකට තම අලුත උපන් බිළිඳාව සුපෝෂණය කිරීමට ඇති වටිනාම වස්තුව මව්කිරි ලෙස හඳුන්වා දිය හැක.

කුඩා දරුවන් සඳහා සුදුසුම පළමු ආහාරය මව්කිරි වේ. මෙය ලොව පවතින ;
•ආරක්ෂිතම ,
•පිරිසිදුම සහ
•රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වන ප්‍රතිදේහ අඩංගු සෞඛ්‍යය ආරක්ෂිතම ආහාරය යි.

මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මේ පිළිබඳ අවධානය යොමු කර තිබුණි. එනම් මව්කිරි ලබා දීමේ දී මවක් වශයෙන් දැනගෙන සිටිය යුතු කරුණු අතර එහි කාලසීමාවන් වැදගත් වේ.

මව්කිරි ලබා දීමට සුදුසු කාල සීමාවන්;

•උපතින් පසු පැයක් ඇතුළත මව්කිරි දීම ආරම්භ කරන්න
•පළමු මාස ​​6 සඳහා මව්කිරි පමණක් ලබා දෙන්න
•බිළිඳාට වයස අවුරුදු 2+ වන තෙක් නොකඩවා මව්කිරි ලබා දෙන්න.

සමහර මව්වරු මව්කිරි පමණක් මදි යැයි සිතා විවිධ ආහාර මාස 6ක් යන්නට පෙර ලබා දීමට පටන් ගනී. නමුත් එය නුසුදුසු වන්නේ අලුත උපන් බිළිඳෙකුගේ ආමාශයේ ප්‍රමාණය මිලි ලීටර් 20 ක් වැනි කුඩා ප්‍රමාණයක් වන හෙයිනි.

මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මව්කිරි ලබා දිය යුතු කාලසීමාවන් පිළිබඳ දැනුවත් කිරීමක් කර ඇත.

නිපුනි ලියනගේ_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...