ප්‍රවීන්ගේ රිදී පදක්කමට ආරම්භක පමාව බලපෑවා ද?

බොහෝ විට ධාවන තරගයකදී ආරම්භයේදී දක්වන ප්‍රතික්‍රියා වේගය මීටර් 100 ඉසව්වට පමණක් බලපාන බව සිතුවද,හතරවන අවුරුදු 18 න් පහළ ආසියාතික යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වට ද එය ආකාරයෙන්ම බලපෑවේදැයි සැක සිතෙයි.

අවසාන තරගයට පිවිසි ශ්‍රී ලංකාවේ ප්‍රවීන් ජයතිලක සහ අවිශ්ක තේමින්ද පිළිවෙලින් සිටියේ පළමු සහ දෙවන තැන්වලය.නමුත් ඉසව්වේ ජය හිමි වූයේ ඉරානයේ සෙයිඩ් මොහොමඩි සජාඩ්ටය.තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ ජයග්‍රාහී සෙයිඩ්,තරග ආරම්භයේදී තත්පර .202 ක් විය.සෙයිඩ් ඉසව්ව ජයගත්තේ තත්පර 48.37 කාලයක් වාර්තා කරමින්ය.තත්පර 48.56 ක කාලයක් වාර්තා කරමින් දෙවන තැන ගත් ප්‍රවීන්ගේ ආරම්භක ප්‍රතික්‍රියා වේගය තත්පර .228 ක් විය.ආරම්භක ප්‍රතික්‍රියා වේගයන් අතර පරතරය තත්පර .26 ක් වූ අතර ප්‍රතිඵලය අනුව සෙයිඩ්,ප්‍රවීන්ට වඩා ඉදිරියෙන් සිටියේ තත්පර .19 කි.

ආරම්භක ප්‍රතික්‍රියා වේගය තත්පර .212 වූ අවිශ්ක තේමින්ද තරගය තත්පර 48.70 කාලයකින් නිමා කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දෙන්නට සමත්විය.

ප්‍රවීන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුවෙකි.පුහුණුකරු අසංක රාජකරුණා ය.සුනේත්‍රා කරුණානායක යටතේ පුහුණුව ලබන අවිශ්ක ශ්‍රීමත් කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ ය.

මේ අතර අද බාලිකා උස පැනීම ඉසව්ව නියෝජනය කළ සිතුලි සාදිත්‍යාට පැනීමට හැකි වුණේ මීටර් 1.60 ක් පමණි.එහි පළමු ස්ථානය දිනා ගත් උස්⁣බෙකිස්තානයේ සෙෆුල්ලීවා බානෝක්හොන් මීටර් 1.84 ක දක්ෂතාවයක් දැක්වීය.දෙවන සහ තෙවන ස්ථාන හිමි වූයේ මීටර් 1.73 ක දක්ෂතා දැක් වුවන්ටය.

සිතුලි නුගේගොඩ සමුද්‍රදේවී බාලිකාවේය.පුහුණුකරු නිපුණ නිර්මාල් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...