මගේ V8 එක මම දුන්නේ පියුමාලිට නෙවෙයි වෙන කෙනෙක්ට – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

Date:

මූල්‍ය චෝදනා ලැබ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි පියුමාලි නමැත්තිය වෙත තමන්ගේ ජීප් රථයක් ලබා දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා නගන චෝදනාව අසත්‍ය බවත් තමන් සිය ජීප් රථය ලබා දුන්නේ තිළිණි පියුමාලිට නොව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ප්‍රියංකා ජයසේකරට බව පූජ්‍ය මුරුත්තෙට්ටුවවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

තමන් වහන්සේ වෙත ජපානයෙන් වාහනයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු හෙයින් එතෙක් භාවිතා කරමින් සිටි ජීප් රථය විකිණීමේ අවශ්‍යතාව මතු වූ අතර ඒ අනුව ප්‍රියංකා ජයසේකර මහත්මිය විසින් එය විකුණා මුදල් ලබාදෙන බවට තමන් වහන්සේ සමඟ එකඟ වූ බවයි උන්වහන්සේ පැවසුවේ.

එහෙත් එම මුදල් තමන් වහන්සේට නොලැබුණු බවත් සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණයක් සිදුකරමින් තිබෙන බවත් ප්‍රියංකා ජයසේකර මහත්මියද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටින අයෙක් බවත් මුරුත්තෙට්ටුවේ හිමි සඳහන් කළහ.

කිසිලෙසකින්වත් තිළිණි පියුමාලි නමැත්තිය පිළිබඳව තමන් වහන්සේ මීට ඉහතදී දැන නොසිටි බවයි උන්වහන්සේ පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...