*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ජන්දවලට රනිල් එදත් බයයි අදත් බයයි (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා එදත් අදත් මැතිවරණ වලට බිය කෙනෙක් වන අතර මැතිවරණ නොපැවැත්වීම මඟින් ඔහුගේ සහ පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කරගත හැකි බවට හීන දකිමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙලෙස මැතිවරණ කල්දැමීම හරහා ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැකි අතර එය ඔවුන්ගේ අන්ත පරාජයක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොට්ඨාස ක්‍රමයට මැතිවරණ ක්‍රමය සකස් කළේ බැසිල් රාජපක්ෂ වන අතර එමඟින් මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩිවන බව දැන දැනත් පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන කාලයේ බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

රනිල් වික්‍රමසිංහලා මේ වන විට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් හෙයින් ජනතාවට අවශ්‍ය පරිදි ප්‍රජාතන්ත්‍රවාදීව තමන් කැමති පාලනයක් සාදා ගැනීමට ජන්දය පැවැත්විය යුතු වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

එමෙන්ම පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ නම් මන්ත්‍රී සංඛ්‍යාවද අඩු වන බවත් එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එම මඟින් පැරණි ක්‍රමයට ජන්දය පැවැත්විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan