නව පාර්ලිමේන්තු සංස්කෘතිය මොනවගේ එකක් වෙයිද ?

Date:

පාර්ලිමේන්තුව සින්නක්කරේට ලියාගෙන හිටපු දේශපාකයින් ගොඩ දෙනෙක් මෙවර මැතිවරණයට එන්නෙ නෑ… ඒකට හේතුව මෙතෙක් ඔවුන් සමඟ සිටි ඡන්ද දායකයින් ගෙඩිය පිටින්ම මාළිමාවට හැරී තිබීමයි.. එබැවින් පරදින මැතිවරණයේ පිරිවැය අඩුකරගැනීමට ඔවුන් කල් තියාම තරඟය මහහැර ගොස් තිබේ..

ලංකාවේ දේශපාලන සංකෘතියට අනුව මැතිවරණයකට තරඟකිරීමට මහා ධනස්කන්ධයක් වැයවේ.. ඒ සඳහා අපේක්ෂකයන් හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් හා මොනමොන විදියට හෝ සල්ලි ගැවසෙන අයවළුන්ගෙන් මුදල් ලබාගනී.. එසේම ජයග්‍රහණයෙන් පසු ඒවා නැවත වැඩිපුරත් සමඟ ගෙවීමටද සිදුවේ .. එහිදී ඒ ගෙවීම් සිදුවන්නේ දේශපාලන බලය අපහරණය වන අයතා ක්‍රමවේද වලිනි..

ඉදිරි පාර්ලිමේන්තුව පැන්ෂන් නැති, වරදාන, වරප්‍රසාද අයථා ගනුදෙනු නැති සමාජ සේවයක් බවට පත්වෙනු ඇතැයි යන ජනප්‍රියවාදී ප්‍රචාරණය නිසා පෙර සිටියවුන් මෙතැන් සිට පාඩු ලබන දේශපාලන වෘතියෙන් සමුගත්තා ද විය හැකියි..

කෙසේ හෝ ඉදිරියට හෝ වෙනස් හා යහපත් දේශපාලන සංස්කෘතියක් රටේ ඇතිවේ නම් එය යහපත් ප්‍රවනතාවයකි..

නමුත් නව දේශපාලන සංස්කෘතියේද මතුපිටට නොපෙනෙන යම් ඒකාධිපතිත්වයක් සැඟව පවතින බවද පෙන්වාදීමට කැමැත්තෙමි. නව දේශපාලන සංකෘතියට අනුව චන්දය ලැබෙන්නේ පක්ෂයටය, මනාප තරඟයක් නැත, එහිදී පාර්ලිමේන්තු යැවෙන්නේ පක්ෂය විසින් තෝරාගත් රූකඩයන් විය හැකිය.. එය කොමිනිස් පක්ෂවල ස්වභාවයයි.. ( සම්මත වීමට නියමිත පක්ෂය මාරුකල විට මන්ත්‍රී ධුරය අහිමිවීමේ නව පනත ද මෙයටම අදාලය)

එසේම මාළිමාවෙන් මෙවර පාර්ලිමේන්තු යන හදිසියේ එකතු කරගත් ජොකියන් එවන් තද විනය ප්‍රතිපත්තින් නොමැතිව දිගින් දිගටම රඳවාගැනීමට නොහැකි පසුබිම නිසා ඉහත ක්‍රියාමාර්ග විවේචනය කිරීමටද නොහැකියි..

අනිත් එක ලංකාව වගේ රටක තරුපහේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක මොන මගුලක්වත් කරන්ට බෑ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...