අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 159,511ක් ආපදාවට!

Date:

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ආපදා වලින් දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී ඇති අතර පවුල් සංඛ්‍යාව 40,758 ක් පුද්ගලයින් 159,511ක් අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මේ වන විට සුරක්ෂිතතා මධ්‍යස්ථාන 80ක් ක්‍රියාත්මක අතර ඒවායෙහි පවුල් 2433 ක පුද්ගලයින් 10361 දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

වාර්තා වන පූර්ණ නිවාස හානි ගණන 1 කි.

අර්ධ නිවාස හානි 370 ක් වාර්තා බි තිබේ.

ඇති වූ ආපදා තත්ත්වයන් හමුවේ මේවන විට පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් ඇති අතර ආපදාවලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය.

එම දිස්ත්‍රික්කයේ පවුල් 20553 ක පුද්ගලයින් 82839 දෙනෙකු බලපෑමට ලක්ව සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...