*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

වැදගත් වෙන්නේ රට හදන එකද සුරංගනා කතාද කියලා තව ටික දවසකින් ජනතාවට තේරෙයි – තිස්ස

කොළඹ LNW:වැටුණු රට ගොඩ ගැනීමේ ආර්ථික වැඩපිළිවෙළේදී කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙස වැඩපිළිවෙලක් ඇත්තේ සමඟි ජන බලවේගයට හා සමඟි ජන සන්ධානයට වන අතර එය බ්ලූ ප්‍රින්ට් හරහා ප්‍රකාශ කර තිබෙන හෙයින් පාර්ලිමේන්තු මැතිවරණයේදී එම වැඩපිළිවෙල අනුමත කර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රට හදන දැක්මක් ඇති එකම දේශපාලන ව්‍යාපාරය තමන් නියෝජනය අකරණ කණ්ඩායම බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”අපේ ආර්ථික වැඩපිළිවෙල ඉතා පැහැදලිව අපි මේ රටේ ජනතාවට ඉදිරිපත් කළා. අපි කිව්වේ මැතිවරණ වේදිකාවල ජනාධිපතිවරණය අවස්ථවේදී රට හදන්න පුළුවන් එකම කණ්ඩායම අපි කියල. ඒ වගේම රට හදන්න ආර්ථික වැඩපිළිවෙලක් තියෙන්නේ අපිට කියල. ඒ වගේම රට හදන දැක්මක් තියෙන එකම දේශපාලන ව්‍යාපරය අපි කියල. හැබැයි අවාසනාවකට මේ රටේ ජනතාව රට හැදීමේ චින්තනය පැත්තකින් තියල හොරකම වංචාව දුෂණය නැති කරන්න කියල බලාපොරොත්තුවෙන් තමයි වර්තමාන ජනාධිපතිවරයාටත් ඒවගේම ජාතික ජන බලවේගයටත් ජන්දේ දුන්නේ. දැන් පේනවා ඇත්තටම අවශ්‍යව තියෙන්න ඒ අරමුණ ඉටුකරන්න නම් ඒ වෙනුවෙන් ආණ්ඩුව කරන්නේ මොකක්ද කියල බලන්න පුළුවන්. හැබැයි මහජනතාවට තව ටික දවකින් දැනේවි ඇත්තටම රට හදන එකද වැදගත් සුරංගනා කතාද වැදගත් කියල. ඒ දෙක අතර තෝරා ගැනීම තමයි ජනතාවට දැන් අවස්ථව තියෙන්නේ. සමඟි ජන බලවේගය හා සමඟි ජන සන්ධානය ලෙස මේ රට වැටුණු තැනින් ගොඩගන්න ජාතික වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඒක තමයි බ්ලූ ප්‍රින්ට් ආර්ථික වැඩපිළිවෙල හරහා ඉදිරිපත් කළේ. කෙටි කාලීනව, මාධ්‍ය කාලීනව හා දිගු කාලීනව අපේ ආර්ථිකය වැඩපිළිවෙල රටේ ජනතාවට අපි කියලයි තියෙන්නේ. අපි ඉයන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක අනුමත කරලා දෙන්න. අපි ඒක කරලා පෙන්වන්නම්” යනුවෙන් අත්තනායක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan