දේශීය නිශ්පාදකයින්ට වැඩි ඉඩක් දෙන රජය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

මෙරටට ඖෂධය සහ වෛද්‍ය උපකරණ සැපයීමට දේශීය නිෂ්පාදකයින්ට වැඩි අවස්ථාවක් සැපයීමක් සිදුවන ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව මෙම වෛද්‍ය උපකරණ සහ ඖෂධ ලබාගැනීම සිදුවිය යුතු අතර ,එය කැබිනට් මණ්ඩලය අනුමත කළ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි ..

ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාව ලෙස දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන කටයුත්තට අවසර ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු බවද දැනටමත් යම් ප්‍රමාණයකට එකඟතාවයන් ඇතිකර ගිවිසුම්ගත වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ජනවාරි පෙබරවාරි කාල වකවානුව වන විට ඖෂධ අවශ්‍ය වන බවද එම සැපයීම් අත්‍යවශ්‍ය වන බැවින් වර්තමානයේම ක්‍රියාත්මක විය යුතු යැයිද ඒ අනුව දේශීය ඖෂධ නිෂ්පාදකයන්ටද ඉඩකඩ ලබාදෙමින් ඔවුන්ගේ අවස්ථා පුළුල් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අවධාරණය කර සිටියේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...