ඇත්තටම ජනතාව රවට්ටපු දෙයක් මේ වෙලා තියෙන්නේ – විජිත හේරත්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව කැබිනට් තීරණ දැනුම්දීමේ අද (15)  පැවැති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 

“ඡන්දෙ කිට්ටු කරලා පසුගිය කැබිනට් මණ්ඩලය එකපාරටම තීන්දුවක් ගත්තා… රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා…  ජනවාරි මාසයේ සිට. නමුත් අපි සොයා බැලුවම මුදල් අමාත්‍යාංශය කිසිම අනුමැතියක් දීලා නැහැ. ඇත්තටම ජනතාව රවට්ටපු දෙයක් මේ වෙලා තියෙන්නේ.

අපි එහෙම දේවල් කිව්වෙත් නැහැ. එය ඉටුකළ හැකිද? කොහොමද ? කියන එක සොයා බලලා මුදල් තත්ත්වය මත අලුතෙන් තීන්දුවක් ගන්නවා. නැහැ කියන්නෙත් නැහැ…මුදල් තත්ත්වය බලලා තමයි තීරණය කරන්න ඕනේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...