ආපදා සහන මෙහෙයුම් වල නාවික හමුදා සහන කණ්ඩායම් හතක් !

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, බස්නාහිර සහ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමෙන් පීඩාවට පත්ව ඇති මහජනතාවට සහන සැලසීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්ක තුල නාවික හමුදා සහන කණ්ඩායම් හතක් අද (15) දිනය තුළද ගංවතුර ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින බව වාර්තා වේ.

ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජා ඇල, කටුනායක, ඒකල, කඩුවෙල, නවගමුව, නාත්තන්ඩිය යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් මඟින් අද උදෑසන වන විට පුද්ගලයන් 1044 දෙනෙකු වෙත ඩිංගි යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, පුද්ගලයන් 2827 දෙනෙකු වෙත පිසූ හා වියළි ආහාර බෙදාහැරීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...