දූෂණය වංචාව ඉහවහා ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත්, බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත්,විපක්ෂ නායකවරයා කියා සිටී.
වත්මන් රජය හොර පාරෙන් හොර ක්‍රමවේදයකින් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත්, මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා අනිවාර්යෙන් මිය යන බවත් කියා සිටි විපක්ෂනායකවරයා, මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය අප රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බව කියා සිටියේය.

එය පාසල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය, රාජ්‍ය පරිපාලනය තුළ අනිවාර්යෙන් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොදින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත්, එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
දැනුම කේන්ද්‍රීය ආර්ථිකය බිහි කරන වැදගත්ම සංදිස්ථානය වන ගමේ නගරයේ පාසල් ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් නොමැති වීම නිසා අකර්මන්‍ය වී ඇති බවත් මේ වන විට 32000ක ගුරු හිඟයක් මෙන් ම උපකරණ හිඟයක් ඇති බවත් , මෙවැනි තත්ත්වයක් තුළ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපන විප්ලවයක් ඇති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එහි දී ගමේ පාසලේත් අගනුවර පාසලේත් කිසිදු වෙනසක් නොතිබිය යුතු බව යි. එසේ වෙනස්කමක් සිදු වේ නම් එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද මේ රට විනාශ වෙන්න ප්‍රධාන හේතු ලෙස හොරකම, අල්ලස, දුෂණය, වංචාව හා රාජ්‍ය දේපල හා පොදු ජනතාවගේ සම්පත් අහිමි කිරීම බවත් මේ හොරකම වළක්වන්න නම් ඩිජිටල්කරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැහැදිළි කළේය.
එමෙන් ම රටේ ඇති බදු බර හේතුවෙන් උගතුන් බුද්ධිමතුන් රට හැර යාම නිසා බුද්ධි ගලනයක් සිදු වන බවත්, මෙවැනි රටක රාජ්‍ය ආදායම හා බදු එකතු කිරීම ඩිජිටල්කරණය කිරීමට උත්සාහ කරද්දි පවා වැඩ වර්ජනය කරන බවත්, විපක්ෂ නායකවරයා , ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක්ම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් ඒ තුළ හොරකම වංචාව අහෝසි වන බවත් ඒ තුළ වගකීම, වගවීම, පාරදෘෂ්‍යභාවය හා විනිවිදභාවය ඉස්මතු වන බවත් කීවේය.

තවද එක් පවුල් සමූහයක් එකට එකතු වී රාජ්‍ය බලය ලබා මන්දිරවල ජීවත් වී ලක්ෂ 220ක් වූ ජනතාවගේ මුදල් හොරා කා ඇති බවත් , ඒ සොරා ගන්නා ලද සම්පත් තුළින් ඔවුන් සුරසැප විදින නමුත් පාසල් දූදරුවන් හා සරසවි සිසුවන් පවා ආහාර නොමැතිව ක්ලාන්ත වන බවත්, දුප්පත් කම ලක්ෂ 30 සිට 70 දක්වා තුනෙන් එකක් දුප්පත් වී ඇති බවට සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය.
දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකට පාරිභෝජනය පමණක් සුදුසු නොවන බවත් එහි නිෂ්පාදනය, ආයෝජනය හා ඉතිරිකිරීම තිබිය යුතු බවත් හොරකම දුෂණය වංචාව ඇති තැන රටවල් කඩන් වැටෙන බවත් , සුපිරිසුදු රටක් නිර්මාණය වන්නේ නම් රටවල් සංවර්ධනයේ ඉහළටම යන බවත් ඒ සදහා ලෝකයේ ඕනෑ තරම් උදාහරණ ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, සමහර නායකයෝ රට බේර ගත් බවට පුරසාරම් ගසමින් හොරකම්, අල්ලස් හා දූෂණය ක්‍රියාත්මක කරන බවත් එම හොරකම්වල ඵලවිපාක ලක්ෂ 220ම භුක්ති විදින බවයි.

එසේ ම වියට්නායමය ඇමෙරිකාව සමඟ වසර 10ක් යුද කළත් අවසානයේ වියට්නාම ගරිල්ලාවරුන් ඇමෙරිකාව පරාජය කළ බවත් මේ වන විට ඔවුන් නව තාක්ෂණය, කර්මාන්ත පද්ධතිය, සෘජු විදේශ ආයෝජන තුළ ඉහළටම පැමිණ ඇති බවත් ඔවුන් සුහුරු රාජ්‍ය පාලනයක් හරහා සැම්සන් වැනි ආයතන ආකර්ෂණිය යෝජන ලබා දී සිය රටට ගෙනවිත් තාක්ෂණික පරිණාමයක් හරහා මේ වන විට මේඩ් ඉන් වියට්නාම් ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන 130කට ආසන්න සංඛ්‍යාවක් නිපදවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම රුවන්ඩාවේ ද ගෝත්‍ර අතර වසර ගණනාවක් පැවැති ගැටුම් හේතුවෙන් ජීවිත ලක්ෂ 8ක් අහිමි වුවත් ඔවුන් මේ වන විට අප්‍රිකාවේ සිංගප්පූරුව බවට සිය රට පත්කර ඇති බවත් , විපක්ෂ නායකවරයා පැවසූ අතර, රුවන්ඩාවේ කිගාලි නම් නගරය පිරිසුදුම නගරයක් බවට විවිධ සම්මාන පවා දිනා ඇති බවත් මේ රටවල් මේ ආකාරයෙන් දියුණු වුවත් තිස් වසරක යුද්ධයෙන් පසු අපේ රට ඇති තැන සෝචනීය බවද පවසා සිටියේය.
යුද්ධවලින් පසු සෙසු රටවල් ප්‍රගති ලැබුවත් අපේ රට සෘණාත්මක තත්ත්වයක් කරා ගිය බවත් එබැවින් ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව අපට වැරදුනු තැන් සිතා බැලිය යුතු බවත්, හරි වැරදි මධ්‍යස්ථව අවබෝධ කර ගෙන රටක් ලෙස එකට එකතු වී ඉදිරි ගමනක් යා යුතු බවත් අන්ධකාරය තුළින් ආලෝකය දැකීමට කටයුතු කළ යුතු සේම අපේම ශක්තිය උපයෝගී කර ගෙන වැටුණු තැනින් නැගිටීමට විසදුම් සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැහැදිළි කළේය.
රටේ පාසල් 10126ක් ඇති බවත් මේ සෑම පාසලක්ම නූතනවාදී දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර පාසල් පද්ධතිය තුළ ලොව දිනන ශ්‍රම බලකාය නිපුණතා බලකාය බිහි කරන බවත්, එසේ ලොව ජය ගැනිමට නම් සෑම අභියෝගයක්ම බාධාවක්ම අභිබවා ගොස් ලෝකයේ ශක්ති සම්පන්නම දේශය බවට පත්විමට නම් නිපුණතාවෙන් කුසලතාවෙන් හා දක්ෂතාවෙන් හෙබි ශක්තිමත් දේශයක් හා ජන පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ළමයින්ට ඉංග්‍රිසි ඉගෙන ගන්න කියන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිනා වෙන බවත් ඔවුන්ගේ අරමුණ තමන්ට ඡන්ද ලබා දෙන පුරවැසියන් නූගතුන් ලෙස සදාකාලිකව තැබීම බවත්, ඔබ, ගම, නගරය හා රට දිනවිය හැක්කේ දැනුම තුළ බැවින් එම දැනුම ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක එකම අරමුණ දැනුම කේන්ද්‍රීය ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් ලබා දෙන පාසල් පද්ධතියක් නිර්මාණය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ මාර/ රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල බස් රථ වැඩසටහන යටතේ මේ වන විට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් රජයේ පාසල් 80කට ලබා දී ඇති අතර ඒ සදහා රුපියල් 389,200,000ක මුදලක් වැය වී තිබේ. එසේම සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 35කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සදහා රුපියල් 31,128,650.00 ක මුදලක් සහ හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56කට රුපියල් 171,966,900 වටිනා ඖෂධ හා රෝහල් උපකරන ලබා දී තිබේ.
