නීතිවිරෝධිව දේශසීමා හරහා ඊශ්‍රායලයට එන්න හිතන්නවත් එපා – ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නීතිවිරෝධී අයුරින් ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයින් බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනකු නැවතත් ජෝර්දානයටම හරවා යැවීමට කටයුතු කරන බවට, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

මෙම කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණු අතර ,ඒ ඔවුන් නිතීවිරෝධි ලෙස ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සහා කළ අවස්ථාවකදීය.

තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසූවේ, ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සොයාබැලීමක් අද (15) සහ හෙට (16) දෙදින තුළ සිදුකරන බවයි.

තවද, සිය ඥාතියෙකු හෝ හිතවතෙකු මෙලෙස නීතිවිරෝධි ලෙස ඊශ්‍රායලයට පැමිණීමට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට කටයුතු කරන ලෙස තානාපති නිමල් බණ්ඩාර මහතා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

ඒ මහතා තවදුරටත් කිය සිටියේ, අද වන විට ඊශ්‍රායල් පලස්තීන් යුද්ධය ආරම්භ වී දින 10ක් ගත වී ඇති බවත්, ඊයේ දිනයේදී ද ගාසා තීරයේ සිට ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි.

ඔහු පැවසුවේ තායිලන්තය, ඉන්දියාව සහ ජපානය විසින් ඊශ්‍රාලයේ සිටින සිය රටවැසියන් මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින නමුත්, ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් එවැනි ඉල්ලීමක් තවමත් සිදුව නොමැති බැවින් එවැන්නක් සිදුනොවන බවයි.

තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසූවේ, කෙසේ හෝ එවැනි ඉල්ලීමක් සිදුවුවහොත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...