ණය නොගෙන කටයුතු කරන්න කිසිදු රජයකට හැකියාවක් නැහැ!

Date:

කොළඹ LNW: ණය නොගෙන රජයේ කටයුතු පවත්වාගෙන යාමට බලයට පත්වෙන කිසිදු රජයකට හැකියාවක් නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

7%ක 8%ක අයවැය හිඟයක් පියවාගැනීමට මේ වසරේදී ණය ගැනීමට සිදුවෙන බවයි දුනුසිංහ මහතා සඳහන් කරන්නේ.

”බලයට පත්වෙන කිසිදු රජයකට හැකියාවක් නැහැ ණය ගන්නේ නැතුව රජයේ කටයුතු පවත්වාගෙන යන්න. රජයේ වියදම සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 19%ක විතර තියෙන අවස්ථාවකදී රජයේ ආදායම තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 11%ක විතර මට්ටමක. 7%ක 8%ක අයවැය හිඟයක් පියවගන්න මේ වසරේදී ණය ගැනීමට සිදුවෙනවා. විදේශීය ණය සඳහා සීමා සහිත ප්‍රවේශයක් තියෙන තත්ත්වයක් තුළ රජයට තියෙන ප්‍රධනතම විකල්පය වෙන්නේ දේශීය වෙළෙඳ පොළෙන් භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් නිකුත් කිරීම හරහා ණය ලබාගැනීම. එම ණය මුදල් වර්තන වියදම් පියව ගැනීම සඳහා යොදාගත්තත් ප්‍රාග්ධන වියදම් සඳහා යොදාගත්තත් රජය ඵලදායී ආකාරයට එවැනි මුදල් පරිහරණය කරනවා නම් ඒ තුළින් ආර්ථිකය තුළ ඵලදායී ප්‍රතිලාභයක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...