දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොවේ – ජනපති

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි  ප්‍රගති සමාලෝචනයක් සිදුව ඇත. එහිදී, අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත. එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බවද පැවසේ.

මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැ’යි යන්න ප්‍රශ්නයක්ව පවතින බවද  කියා සිටි අතර, ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් බව සඳහන් වේ.

රටම ආවරණය වන පරිදි ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීම සඳහා නව පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් ව ඇත.

දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන් වීම සහ බරපතළ සමාජ ව්‍යසනයක් බවද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම වෙනුවෙන් ඉලක්ක සහගත වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් බව පැවසේ.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම් වික්‍රමසිංහ, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරු ඇතුළු අමාත්‍යාංශ නියෝජිතයෝ එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...