නේපාලයේ දාහක චිමිනියක් නිසා රෝහලකට බලපෑම්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 16,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:දාහකයක් ආසන්නයේ එහි චිමිනියෙන් පිට වූ කළු විෂ සහිත දුමාරය හේතුවෙන් නේපාලයේ කත්මන්ඳු අගනුවර පිහිටි ත්‍රිභූවන් විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලට (TUTH) බලපෑම් ඇති වී තිබේ.

මෙම සිදුවීමෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයට නොනවත්වා කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, හිසරදය, ඇස්වල වේදනාව සහ කුෂ්ඨ ඇති වී ඇති බවට පැමිණිලි රාශියක් ලැබී පවතී.

ළමා හා අලුත උපන් දැඩි සත්කාරවල සිටින ළමුන් සහ ළදරුවන් සහ ශ්වසන රෝග ඇති වැඩිහිටියන් ඇතුළි එහි අවදානමට ලක්විය හැකි රෝගීන් ආරක්ෂා කිරීම සඳහා කාර්ය මණ්ඩලය නොමසුලුව කටයුතු කළහ.

ජනෙල් වසා තැබීම නිසා කාමර අධික ලෙස රත් වූ අතර රෝගීන්ද අපහසුතාවයට පත් විය.

දහන යන්ත්‍රය ක්‍රියාත්මක වූ විට දුමාරය මෙම සංවේදී ප්‍රදේශවලට නිතර ඇදී ගිය අතර එමඟින් සැලකිය යුතු පීඩාවක් ඇති ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...