ඉන්දියානු ණය ක්‍රමය මඟින් රජයේ කාර්යාල සහ ආගමික ස්ථාන වලට සූර්ය පැනල!

Date:

රාජ්‍ය ආයතනවල සහ ආගමික ස්ථානවල වහලවල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ අදහසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ඉන්දීය ණය ක්‍රමයක් ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ පිළිබඳ ප්‍රකාශ කලේ විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් පසු ඇති වූ විරෝධතා හේතුවෙන් ය.

රජය විසින් පවත්වාගෙන යනු ලබන ලංකා විදුලි බල මණ්ඩලයට (ලංවිම) දැරීමට සිදු වූ අධික පාඩු අවම කිරීම සඳහා රජය විසින් විදුලි බිල වාර්තාගත ලෙස ඉහළ දැමීමෙන් පසු ඇතැම් භික්ෂූන් වහන්සේලා එයට දැඩි විරෝධය පල කර තිබූහ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විදුලි ගාස්තු ඉහළ නැංවීමට විසඳුමක් ලෙස ඉන්දියානු ණය මාර්ගයෙන් තෝරාගත් පූජනීය ස්ථානවල වහල මත සූර්ය පැනල ස්ථාපනය කිරීමට එකඟ විය.

අමාත්‍ය විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙහි මෙසේ සටහනක් කර තිබුනේ ය.

“ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ඉන්දියානු රජයේ ණය ක්‍රමයක් මගින් වහළය මත සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙල පාසල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතන, රෝහල්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ ගොඩනැගිලි සහ ආගමික ආයතන වල ද බලශක්ති සන්නද්ධ කිරීම සඳහා භාවිතා කරනු ඇත,”

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ට වහලය මත සූර්ය බලශක්ති ඒකකයක් පිහිටුවා ගැනීමේ දී එය නාන කාමර ටයිල් සඳහා වැය කරන මුදලට සාපේක්ෂව එතරම් මිල අධික නොවන බව මෙන්ම ඉදිරි වසර කිහිපය තුළ පුනර්ජනනීය ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට හැකි වන පරිදි පද්ධතිය වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.0ක් පමණ වැය විය හැකි බවත් අදාළ නිලධාරීහු පවසති.

ට්‍රාන්ස්ෆෝමරයක සිට විහිදෙන විදුලි රැහැනක අවසානයේ ග්‍රිඩ් සම්බන්ධිත සූර්ය ඒකක පිහිටුවා ඇති විට එහි පාරිභෝගිකයින්ට ආරක්ෂිත වෝල්ටීයතාවයකින් විදුලිය අපනයනය කිරීම අපහසු ය. නමුත් නිවැසියන්ට “ඕෆ් ග්‍රිඩ් පද්ධතියක්” ස්ථාපනය කර බැටරිවල බලය ඉතිරි කර ගත හැකිවනු ඇත.

බැටරි සහිත ඕෆ් ග්‍රිඩ් පද්ධතියක් රුපියල් මිලියන 2.2ත් 2.6ත් අතර මුදලකට ගොඩනැගිය හැකි බවත් ග්‍රිඩ් සම්බන්ධිත පද්ධතියකට මිලියන 1.1ත් 1.3ත් අතර ප්‍රමාණයක් වැය වන බවත් ප්‍රනාන්දු මහතා මෙහිදී අවධාරණය කර සිටියේ ය.

අගෝස්තු මාසයේ සිට විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඉහළ ගෘහස්ත ධාරිතාවක් භාවිතා කරන්නන්ගෙන් ඒකකයකට රුපියල් 75ක් වැනි මුදලක් අය කෙරේ.

ශ්‍රී ලංකාවේ මිලියන 6.5කට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින්ගෙන් සියයට 20ක් වහල වල සවි කරන සූර්ය බලශක්තියට මාරු වී 3kW සූර්ය පද්ධති සවි කළහොත් මෙගාවොට් 3000ක පමණ ධාරිතාවක් ස්ථාපිත කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...