බී.එම්.ඩබ්ලිව් ප්‍රශ්නය විසදන්න CID ය ජොන්ස්ටන් ප්‍රනන්දුව සොයයි?

කොළඹ LNW: ලියාපදිංචිය නොකරන ලද බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් නීතිවිරෝධීව තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් අරඹා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහු ඉන්නා තැනක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

මීට පෙර බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කැදවා තිබුණ ද ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ප්‍රකාශයක් ලබා දීමට පැමිණ නැති බවයි කියවුණේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන මෙරටදී එකලස් කරන ලද බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් දමා තිබියදී සොයා ගැනුණි.

මෙම මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවන අතර එහි ව්‍යාජ අංකයක් යොදා පාවිච්චි කර ඇති බවත් හෙළි විණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...