සය නිවුන් දරු උපතක් කාසල් රෝහලේදී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලොව වටිනාම සම්පත දරු සම්පත යැයි යළිත් වරක් පසක් කරමින් කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වෙයි.

එම අලුත උපන් බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව , කාසල් රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා පවසීය.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර, බිලිඳුන් සියලුදෙනාටම කෘතිම ස්වසනය ලබාදෙන බව ද කියා සිටියේය.

වෛද්‍ය සමන් කුමාර මහතා වැඩිදුරටත් කියාසිටියේ,

“අපිට උපකරණවල හෝ ඖෂධවල අඩුපාඩුවක් නොමැතිව අපට මේ කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලොකු අභියෝගයක්. මෙම දරුවන් හයදෙනා ලැබුණේ සති 26කින්… ඒ වගේම දරුවන් බර ග්‍රෑම් 400 – 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ කටයුතු යුහුසුළුව කරගෙන යනවා.

මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා. ඒ තමා නළ උපත් සිදුකරනකොට නියාමනයක් තියෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කලල කිහිපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. අපේ රටේ මේ නියාමනය සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්භාවය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොකද මේ දරුවන් හයදෙනාගේම ජීවිත මේ වනවිට අවදානම් මට්ටමේ තියෙන්නේ

ලෙස වෛද්‍යවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...