ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නැති නිසා විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වෙලා – චානක ධර්මවික්‍රම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. ඒ රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් බව සඳහන් වේ.

පසුගිය රජය සමයේ පරිපුරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සීටි ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර් කරන ඒකකයන් හි පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේවන විට ගැටළු සහගත වි ඇති බව , එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

“සමහර රෝහල්වල අලුතින් සී.ටී ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කරලා තියනවා. නමුත් ඒවායේ රාජකාරී කටයුතු ආරම්භ කරන්න, පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න හැකියාවක් නෑ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා. ඒ එක්කම මේ වන විට සේවාවේ නිරත වෙලා ඉන්න කාර්ය මණ්ඩලය දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඔවුන්ට වැඩි වැඩ ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවීම තුළින්. අපි විශේෂයෙන් නව සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලීමක් කරනවා මේ සේවාවන්වල පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන්න කියලා. එහෙම නොවුනොත් සෞඛ්‍ය සේවාව කාර්ය මණ්ඩලය නොමැති වීම හින්දා බිඳ වැටීමක් ඉදිරි මාස කිහිපය තුළ අනිවාර්යයෙන්ම සිදුවෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...