මැතිවරණ අපේක්ෂකයින්ට පැෆ්රල් වෙතින් නව වැඩපිළිවෙලක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදුවු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.

මේ අතර මැතිවරණයේදී ආදායම් වියදම් වාර්තා නිසිපරිදි ලබා නොදෙන අපේක්ෂකයින්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් පිළිබඳව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මෙලෙස අදහස් පළ කළේය,

“යම් ආකාරයකින් අපේක්ෂකයෙකුට තමන්ගේ වියදම් වාර්තා ලබාදීමට නොහැකි වුවහොත්, නැතිනම් අසත්‍ය තොරතුරු ඇතුළත් කළොත් අධිකරණ ක්‍රියාවලියක් තුළින් දේශපාලන අයිතිය වසර 3කට අහිමි විය හැකියි. මැතිවරණ පෙත්සමක් තුළින් ධුරය අහිමිවීමට හැකියි.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...